🎼 Chp 8️⃣3️⃣ 🎼

912 192 54
                                    

..

..

..


..මම්මා...හ්...

..කෝ බාන්ඩ ඉතින් මගෙ සූද ගහන කොලු පැටියා...ම්ම්...

..මේහ් මේහ් මම්මියේ..හ්..

..ඒකනේ ඉතින් මේ ඉන්නෙ හොර ගෙඩියා....



අපි දෙන්නම හිටියේ බාත්ටබ් එක ඇතුලේ....මගෙ පන්ඩිතයා චූටි පස්සත් උඩ දාන් මගෙ පපුව උඩ වාඩිවෙලා ඉද්දි මං එයාව අත් දෙකෙන්ම තුරුලු කරන් හිටියා...සබන් පෙන වතුරෙ එයා ලිස්ස ලිස්ස උනත් මගෙ බෙල්ල බදාගෙන හුරතලේට කට උල් කරන් මොනවදෝ කියවද්දි ඒ හැම එකටම ඔලුව වනන ගමන් මං හරි උනන්දුවක් පෙන්නන ගමන් ඇහුවා..ඒ හිතේ එයාට මං ගැන විස්වාසයක් ඇති වෙන්න....කොයිතරම් පරිනත උනත් දුවලා ඇවිත් තුරුලු වෙලා ඕනම දෙයක් කියන්න පුළුවන් තරමට මාව විස්වාසවන්ත වෙන්න දැන්මම ඉදන් මං පාර කැපුවා...අම්මෙක්ට වඩා එයාට යාලුවෙක් වෙලා ඕන දෙයක් කියන්න ..අහන්න එයා එක්ක සමීප වෙන්න මං පුළුවන් තරම් උත්සහා කලා......

මොකද දරුවෙක් වැදුව පලියට දෙමවිපියො වෙන්නෙ නෑ....ඒ දරුවාට ලන් වෙලා එයාට ඕන ජීවිතේ ගෙවන්න ළඟින් ඉදන් හරි පාර පෙන්වන අයටයි දෙමව්පියො වෙන්න පුළුවන් .....එහෙම වෙන්නත්....දරුවගේ පැත්තෙන් හිතන ගමන්....දරුවා වෙනුවෙන් වෙලාව වෙන් කරලා එයාට සමීප වෙන්න දෙමව්පියෝ ඉගෙන ගන්න ඕන.....අන්න එතනදියි උගත් නොවුනත්...මනුස්සකම පිරුනු දරුවෙක් හදන්න අඩිතාලම තැනෙන්නේ....




..ඇති නේද දැන් ජෝ නෑවා ම්ම්...

..බා..බා..

..බෑ නෙවේ..දැන් ඇති ආ.හොරගෙඩියා....

..ම්ම්...


වතුරෙ නටන්න තිබුනු ආසාවට එයා ඇස් දෙක බෝල කරන් ඇබිත්තන් තොල්පට ඇද කරගත්තා....තවත් නම් හිටියොත් අසනීප වෙයි කියලා දන්න නිසා මං ඒ චූටි පස්සට චූටි පාරක් දීලා බාත්ටබ් එකෙන් නැගිට්ටා....මට හරියට සබන් ගාන්නවත් උනේ නෑ මේ හෙලුවැලි බට්ටෙක් නිසා.....මගෙ අතේමයි මේ කොල්ලා...ටවල් එකෙන් පිහින්න හැදුවත් බහින්නෙ නෑ බෙල්ල බදාගෙන ඉන්නවා...දවසම මං හිටියෙත් නෑනේ....ඒ නිසාද කොහෙදෝ මාව අතාරින්න එයා කැමතිම නෑ...ඉතින් බාගෙට නාපු මං...එහෙම් මෙහෙන් සබන් ටිකකුත් ගාගෙන යීහන් එක්කම බාත්ටබ් එකේ බැහැලා හිටියා....අන්තිමට හොර ගෙඩියව වෙව්ලන්න ගත්තු නිසා මම එයාව අලි ටවල් එකකින් ඔතලා ගෝනියක් වගේ තුරුලු කරගත්තා...බාත්‍රොබ් එක ඇදගන්නවත් මේ කොල්ලා මාව අතෑරියේ නෑ......ඉතින් අමාරුවෙන් හරි යීහන් එක්ක වොශ් දාද්දි ඇදන් හිටිය යට ඇදුම කකුලේ ඇගිලිතුඩුවලින් ඇදලා ගලෝලා එහෙම්මම උඩින් යන්න බේසමකට විසි කලා..කොල්ලටත්.හිනා ඉතින් ..නාපු නිසා රෝස පාට උනු කම්මුල් තවත් බෝල කරන් එයා හිනාවෙද්දි...ඒ කම්මුල් ඉබගෙනම මං බාත්‍රොබ් එක පටල ගත්තා......අපි දෙන්නවම වැහිලා යන්න.....







🎼 S A Y    H I 🎼 ( Completed)Where stories live. Discover now