..
..
..
සීතලයි.........
ඒ හා සමානව අන්දකාරයි...........
කියාගන්න නොතේරෙන මොකක්දෝ මූසල හැගීමකින් හිත පිරිලා යනකොට....ආයෙමත් වතාවක් හැරිලා අපි තුන් දෙනා පවුලක් විදිහට ජීවත් උනු ගෙදර දිහා බැලුවා......එකම එක ලයිට් එකක් ඇරුනාම...මුලු ගෙදරම අන්දකාරෙ ගිලිලා තියෙද්දි.....එයාගේ කාමරේ තිර රෙද්දෙන් වැහුනු වීදුරු ජනේලේ දිහාට බැල්මක් පා කරගෙන මම ආපිට හැරුනා...මෙතනින් එහට මොනාවෙයිද කියන්න දන්නෙ නෑ...මොන දේ උනත්....ඒක මට බාරගන්නම වෙනවා......
ඇස් දෙක විතරක් ඉතුරු වෙන්න සර්වාංගෙම කලු පාටින් වැහිලා තියෙද්දි...සීතලේම මං ග්ලවුස් දාපු අත්වල කරගැට කැඩුවා.....බොරළු වැටුනු පාර පුරා තියෙන නිහඩතාවය කොයිතරම්ද කියනවා නම්...කරගැට කැඩෙන ටකස් ටකස් සද්දෙම දෝංකාර දෙනකොට ඒ අත්ම මං සාක්කුවට ඔබාගත්තා.......එක බලු බල්ලෙක් නැති පාරෙ සීතලත් එක්කම...මගෙ තනියට කියලා තිබුනෙම ඉන පිටිපස්සෙ හැංගිලා ගිය පිස්ටල් එක විතරක්ම වෙද්දි..තවත් වෙලාව නාස්ති නොකර කල් තියා ඈතකට වෙන්න නතර කරලා තිබුනු බයික් එකට මං නැග්ගා........හුග කාලෙකට පස්සේ.........
හරි වැරැද්ද මොකක්ද........ඒ ගැන හිතන්න තරම් වෙලාවක් මට තිබුනෙ නෑ...වැරදි පිට වැරදි කලා උනත්...ආයේමත් ඒ උනු වැරදි හරි ගස්වන්න බැරි උනත්...මගේම කියලා පවුලක් ඇතුලෙ ජීවත් වෙන්න දැනුනු ආසාවට...ලෝබකමට මං ආත්මාර්තකාමි උන්ා....එයාගෙන් සමාවක් ලැබෙන්නෙ නැති බව දැන දැනම ගොඩ ගහගත්තු වැරදි කන්දරාවට තවත් වැරැද්දක් එකතු කරගන්න මට සිද්ද උනා.....
මොන දේ උනත් මං පසුතැවෙන්නෙ නෑ.......මගෙ අතින් මැරිලා ගිය දහදෙනාම නිර්දෝශි උන් නෙවේ...නිර්දෝශි කියන වචනේ උන්ට ගාවන්නවත් සුදුසු නෑ....උන් හැම එකෙක්ම පවුකාරයෝ...කිසිම හේතුවක් නැතිව මගෙ එක කුස උපන් ...ඒ වගේම අවුරුදු ගානක්ම නොදැක නොදැන ජීවත් උනු සහෝදරයව...අමු අමුවෙ හිතක් පපුවක් නැතිව විනාස කරලා දාපු උන්...යාන්තමට අවුරුදු විසි තුන පිරුනු ඒ අහින්සකයව වේදනාවෙන්ම මැරිලා යන තරමට හපයක් කරපු උන්..
.මොකටද...මොකක් හින්දද...ඇත්තටම හේතුවක් නෑ කියන්න පුළුවන් ද.....කොහෙත්ම බෑ...හේතුවක් තිබුනා......උන් දහ දෙනාම එකම කල්ලියක උන් වෙද්දි.....උන්ට ශියන්ව විනාශ කරලා දාන්න හේතුවක් තිබුනා.
YOU ARE READING
🎼 S A Y H I 🎼 ( Completed)
Romanceමං එයාගේ ලේ ධාතුව එක්ක බැදෙන්න කලින් එයාගේ ලේ හොලවන්න බැදිලා ඉවරයි...ඉතින් ..ජීවත් වෙනවා නම් අපි දෙන්නගෙන් එක් කෙනෙක්ට විතරයි ....