🎼 Chp 5️⃣4️⃣ 🎼

950 158 15
                                    

..

..

..

මං යාන්ත්මට වගේ ඔලුව උස්සලා එයා දිහා බැලුවා.....එයා හිටියෙ මන්දිහා බලාගෙන...ඒ ඇස් ආදරෙන් පිරිලා...ඊටත් වඩා ඒ ඇස්වල පසුතැවීම පිරිලා...එයා හිතන්නෙ මේක එයාගේ වැරැද්දක් කියලද.....

..ය්..යීබෝ...

..ඔව් කියන්න.....

මං මගෙ කුස උඩ තිබ්බ එයාගේ අත තද කරන ගමන් අමාරුවෙන් උනත් ඒ මූනට එබුනා.....හැබැයි ඒක උත්තර දන්න ප්‍රශ්නයක්

..කොහොමද මාව හොයාගත්තේ...

...............................
..................
............
......
....
..
..


..යීබෝ....

උත්තරයක් දෙනවා වෙනුවට එයා කලේ මගෙ බෙල්ල අස්සට මූන ගහගත්තු එක....මං එකපාරටම ගැස්සිලා ගියා...මේ තරම් වෙලා වචන දෙක තුනකට වඩා කතා නොකර..මං දිහාම විතරක් බලාගෙන හිටිය එයාගේ මේ හැසිරීම නිසා මං පුදුම උනා.....මාවයි දරුවවයි තද නොවෙන්න එයා මගෙ බෙල්ල අස්සටම මූන ගහගෙන බර හුස්මවල් ඇද ගන්නවා කියන එක තේරෙද්දි මගෙ අත් නිකන්ම එයාගේ වටේ එතුනා.....

..යී...

..මං බය උනා...

කතා කරන්න හැදුවත්..එයා ඒක්කම කිව්ව වචනත් එක්ක මාව ගැස්සිලා ගියා.....එයාගෙ කටහඩ බිදිලා....හැමදාමත් කෙලින් කතා කරන...වචනයක්වත් වරද්දන්නෙ නැතුව හරියටම කතා කරන එයාගේ කටහඩ එකපාරටම බිදිලා ඇහෙන නෑහෙන ගානට මිමිනුමක් විදිහට පිටවෙද්දි ඇදලා ගත්ත හුස්ම එලියට දාගන්න මට බැරි උනා....

..අ..නේ යීබෝ ඇයි මේ ම...

..ශ්...එක වචනයක් කියන්න එපා...මෙහෙම ඉන්න..දගලන්නෙ නැතුව මට මෙහෙම ඉන්න දෙන්න....

මං බර හුස්මක් පිට කලා....එයා බෙල්ල පාමුලට තොල් තද කරන ගමන් මාව තුරුලු කරගනිද්දි මගෙ අතක් එයාගේ කොන්ඩෙ අස්සෙන් ගියා.....

..අපිට මොනවත් උනේ නෑනේ යීබෝ..අපි මේ හොදි..

..කොහෙද...

..ආහ්හ්....

..කොහෙද ආහ් හොදින් ඉන්නේ....?.මට කියපන් ජාන් ..පැය ගානක් බට ගහගෙන සිහි නැතුව හිටිය එකටද උබ ඔය හොදින් කියන්නේ ..නැත්නම් දරුවාත් මවත් අවදානම් තත්ත්වෙක පසුවන බැවින් මීට වඩා සැලකිලිමත් වෙන්න කියලා රිපෝට් එකක ලියව ගත්ත එකටද උබ මොනවත් උනේ කියලා කියන්නෙ ආහ්...

🎼 S A Y    H I 🎼 ( Completed)Onde histórias criam vida. Descubra agora