ශ්‍රී රාම්..
ජය ජය රාම්..
ඕ ජය ශ්‍රී රාම්..
දුශේරා.. දශහරා.. එක නමක් කියලා නෑ..
ඔය මොන නමින් කිව්වාත් උන් ඒ දවසට අපේ දෙවියාව පුච්චලා බිමට අලු කරලා දැම්මා..
රාවණ..
යගු කෞරණ මන්ඨක දශඛණ්ට දශවක්ත්‍ර දශානන් ලාංකේශ්වර දසිස් ශ්‍රී මහා රාවණ..
යක්ඛයන්ගෙ අභිමානය..
දන්නෙ නෑ උඹලාට නම් ඒ උත්තමයා දෙවියෙක් ද නැත්නම් නිකම්ම නිකන් රජෙක් විතරක් ද කියලා.. ඒත් මට ඒ තමයි මගේ දෙවියා..
වේදවතීට ආදරේ කරලා මන්දෝදරී කසාද බැඳලා සීතාව පැහැරගෙන ආපු රාවණ එදා මෙදා තුර මේ තුන් ලෝකෙටම පහළ උන ශ්‍රේෂ්ඨම දුෂ්ටයා..
ඔව් උඹට ඇහුනා හරි..
රාවණ දුෂ්ටයෙක්..
මුලු ලෝකයක්ම දුෂ්ටයෙක් කියලා හංවඩු ගහන ඒ රාවණ දුෂ්ටයෙක් උනේ කාගෙ වරදින්ද..
යුද්ධයක් අන්තිමට යුද්ධෙ දිනපු රටට යුධ ඉතිහාසය ලියන්න හම්බෙද්දි උන් තව තවත් හතුරා පහතට හෙලුවා මිසක් උන්ගෙ හතුරාගෙ යහපත වර්ණනා කරන්න හිතයිද..
ලංකාදීපෙම දවපු හනුමාව.. සහෝදරයා පාවා දුන් දෙවියව.. පතිවතට ගරු නොකල රාමාව උන් දෙවියො විදිහට පුදද්දී හුස්මකින්වත් කෙලෙසන්නෙ නැතුව සීතාව රැකපු රාවණ ලෝකෙට දුෂ්ටයෙක් වුණා..
රාම.. හනුමා.. විභීෂණ.. නෑ මම කාටවත් දොසක් කියන්නේ.. වරද කරේ ඉතිහාසෙ පොත් වල ලියපු උන් මිසක ඒ එක උත්තමයෙක්වත් නොවෙද්දී මම ඒ හැමෝටම මගේ හදවතින්ම ගරු කරා.. ඒත් මගේ හදවතේ දෙවියා හැමදාම රාවණ වෙද්දී නමින් රාවණන් උන මම උදේ හවස මගේ දෙවියන්ව භක්තියෙන් ඇදහෙව්වා..
තේව් ත්‍රිනේශ්වර රාවණන් වාසලබණ්ඩාර..
ඒක තමයි මගේ අම්මා මට දාපු නම..
අම්මා..
මාව බඩින් වදාපු මගේ ඇත්තම අම්මා..
මට ජීවිතේ දීලා සදහටම ඇස් පියාගත්ත මගේ අම්මා..
මට රාවණන් කියලා නම දාපු මගේ අම්මාගෙ ජීවිතේ එකම ආශාව වෙලා තිබුණේ රාවණ වගේම මාත් මුලු ලෝකයක් දිනනවා දකින්න..
YOU ARE READING
රාවණන් [Completed]✅
Fanfictionමම ද රාවණෙකි ඔබෙ පෙම අභියස🖤 තේව්💞තේනු •ආත්ම බන්ධන කතා පෙළ 1.රාවණන් 2.කාළි 3.අයිඩී (රාවණන් 2) 4.විලන් (කාළි 2)