55📖️

10K 1.4K 493
                                    

ගම පුරා පිපිලා තියෙන රතු පාට එරබදු මල් වගේම අතු වල වහලා ඉන්න කොහාගෙ හඬත් අවුරුදු ළඟයි කියලා හැමෝටම කියනවා.. ඇත්තටම හරි ලස්සනයි.. තේව්ගෙ අතේ එල්ලිලා ගම පුරා ඇවිදගෙන යන ගමන් ඇඟේ දැවටෙන හුලඟට මුහු වෙලා ආපු පලතුරු සුවඳට මම ඉව ඇල්ලුවා..

කොළඹ තාප්පයක් ඇතුළේ කොටු උන ගෙදර අවුරුද්දයි මෙහෙම ගමේ ගෙදර නිදහසේ සමරන අලුත් අවුරුද්දයි අතරේ වෙනස මට අද හොඳට දැනුණා.. ටවුන් එකේ ළමයි නොදැකපු නොවිදපු ඇත්තම අලුත් අවුරුද්ද ගමේ කෙල්ලො කොල්ලො සතුටින් විඳින අපූරුව මං හරි ආසාවෙන් බලාගෙන ඉඳියා..

"අර ළමයි මොනවාද ඒ අහුලන්නෙ.."

"අස්වනු කපලා අයින් කරාට පස්සෙ ඉතුරු උන වී කරල්.."

"ඒ ඇයි.."

"එයාලා ඒවා විකුණලා අවුරුද්දට රතිඤ්ඤා ගන්න සල්ලි හොයාගන්නවා.."

"හ්ම්ම්.. මේ ගම් වල මිනිස්සුන්ගෙ ජීවිත හරි නිදහස් නේද.. මටත් වෙලාවකට හිතෙනවා හැමදෙයක්ම අත් ඇරලා දාලා ඇවිත් මෙහෙම ගමක ගෙයක් හදාගෙන ජීවත් වෙන්න.."

එයා කිව්වෙ ඈත අහසේ පාවෙන සරුංගලයක් දිහා බලාගෙන වෙද්දී හිනා උන මම එයාගෙ කම්මුලකට හාදුවක් දුන්නා..

"මං ඔයාට අද වෙනකන් නොකියපු දෙයක් කියන්න ද.."

"මොකක්ද.."

මං අද වෙනකම් නොකියපු දෙයක් කියන්න ද ඇහුවාම එයා මගේ දිහා හැරිලා බැලුවා..

"මං මගේ ජීවිතේ අකමැතිම වචන දෙකයි තිබුණේ.. එකක් දේශපාලනෙ.. අනිත් එක රාවණ.."

මම එහෙම කිව්වාම එයා මගේ නහය මිරිකලා සද්දෙන් හිනාවුණා..

"ඉතිං අහන්නකෝ.."

"කියන්න ඉතිං.. මම අහගෙන ඉන්නෙ.."

"ඒ වචන දෙකට වෛර කරන තරමටම මං හැමදාම ප්‍රාර්ථනා කරා මාව ඒ දෙකෙන් ඈත් කරලා තියන්න කියලාත්.. ඒත් මං නොහිතපු වෙලාවක නොහිතපු විදිහට මගේ ජීවිතේට ආපු ඔයා හැමදෙයක්ම වෙනස් කරා තේව්.. ජීවිතේට මුලින් එන වැරදි කෙනා නෙමෙයි පහුවෙලා එන හරිම කෙනාවයි තෝරගන්න ඕන කියන එක මට කියලා දුන්නෙ ඔයා.. එදා මාව බලෙන් කසාද බැඳලා ඔයා මගේ අත්තටු කැපුවා කියලායි මට හිතුනෙ.. මොකද තටු කපපු කුරුල්ලෙක්ට කවදාවත් ගොඩක් දුර පියාඹන්න බැහැ.. ටික දුරක් යද්දී ඌ වැටෙනවා.. ඒත් ඔයා කවදාවත් මගේ තටු කැපුවෙ නෑ.. තාවකාලිකව මගේ තටු ගැට ගැහුවා විතරයි.. ඒ ගැටේ ලිහපු දවසෙ මට ඕන නම් ඔයාව අත් ඇරලා ඈතට පියාඹලා යන්න පුලුවන්කම තිබුණාත් මං ඔයා ළඟම නතර වුණා.. දන්නවාද ඒ ඇයි කියලා.. උඹ මට මහ හුඟාක් ආදරේ දුන්නා මගේ මහත්තයො.. දාලා යන්න ලෝබ හිතෙන තරමටම ඒ ආදරේ මගේ හිතේ ආසාවක් ඇති කරා.. මම ඔයාට ගැහුවා.. බැන්නා.. රණ්ඩු කරා.. ඒත් ඔයා හැමදාම ඔයාගෙ ආදරේ විශ්වාස කරා.. ආදරේ කරන්න දෙන්නෙක් ඕන නෑ ඔයාගෙ ආදරේ අපි දෙන්නාටම ඇති කියලා කියපු ඔයා මගෙ හිත රිදෙන වචන හැම එකක්ම ඉවසගෙන මට ලස්සන පවුලක් හදලා දුන්නා.. අපි දෙන්නාගෙ පුංචි පවුල.. ඔයා ඔයාගෙ ආදරෙන් උණුහුමෙන් කැඩිලා යන්න නොදී අපේ බැඳීම රැකගත්තා.. ඔයා මාව දිනාගත්තා වගේ ඔයාගෙ දේශපාලන ගමනත් කිසිම දවසක මගින් අත් අරින්න එපා තේව්.. ඔයා ඔයාගෙ අම්මාගෙ හීනෙ හැබෑ කරන්නම ඕන.. මං දන්නවා ඔයා⁣ට ලේසි වෙන්නෙ නෑ.. ගොඩක් ප්‍රශ්න එයි.. දරාගැනීමේ අන්තෙටම වැටෙන වෙලාවල් තියෙයි.. ඒත් මතක තියාගන්න.. ඔයාට මහන්සි දැනෙන හැම වෙලාවකම මේ උරහිස වගේම මේ උකුළ ඔයා වෙනුවෙන් වෙන් වෙලා තියෙයි.. අඬන්න හිතෙන ඕනම තැනක ඔය ඇස් වල කඳුලු පිහින්න උඹ වෙනුවෙන් මගේ අත් වෙන් වෙලා තියෙයි.. මේ මුලු ලෝකෙම ඔයාව අවිශ්වාස කරාත් මං විශ්වාසෙන් කියනවා මගේ මහත්තයා දිනනවා කියලා.. ඔයා තියන පියවරක් ගානෙම ඔයාට හයියක් වෙලා මං ඔයා ළඟින් ඉන්නවා අප්පච්චි.. මට ඔයාට මුලු ලෝකෙම දෙන්න බැරි උනාත් මගේ මුලු ලෝකෙම ඔයා කරගන්න පුලුවන්.. ඔයා මහන්සි වෙලා ගෙදර එද්දී මූණට හිනාවක් ගේන්න ලස්සන දරු පැටව් ටිකක් හදලා දෙන්න පුලුවන්.. මට තවත් ගහක් වෙන්න බැරි උනාත් වැලක් වගේ උඹ කියන ගහ වටේ එතිලා ගහට හයියක් වෙන්න පුලුවන්.. ඉතිං ඔයා තනියම නෙමෙයි අපි දෙන්නාම එකතු වෙලා මේ ගමන යමු.. මගේ හුස්ම තියෙනකම් ආයෙ කිසිම තැනකදි මං මේ අත අත් අරින්නෙ නැහැ.. අත අරිනවා නම් ඒ කවදාහරි ඔයාව දාලා මට මේ ලෝකෙන් යන්න වෙන දවසට විතරමයි.. ඒත් මං ප්‍රාර්ථනා කරනවා ඔයාට කලින් මාව යවන්න කියලා.. මොකද මං දන්නවා ඔයා නැතුව මගේ හුස්ම වැටෙනකක් නැති වෙයි.."

රාවණන් [Completed]✅Where stories live. Discover now