05📖️

12.2K 1.6K 547
                                    

වෙලාව රෑ අටටත් කිට්ටුයි..

උදේ ඉදන්ම සත්තු එක්ක ඔට්ටු වෙලා ඇඟට දැනුනෙ ලොකු තෙහෙට්ටු ගතියක්..

බඩගින්නක් දැනුණාත් කනවාට වැඩිය මට ඕන උනේ ඇඳට වැටිලා නිදාගන්න..

ඊයේ රෑ ඉදන්ම බඩට හරි හැටි කෑමක් වැටුනෙ නැති නිසාම ද මන්දා ගෙට ගොඩ උන ගමන් බඩත් කෑගහන්න පටන්ගත්තා..

"රත්නෙ මාමා අද කවදාවත් නැතුව දොර ලොක් නොකරම යන්න ගිහින්.. සමහරවිට අමතක වෙන්න ඇති.. දැන් ඒ මනුස්සයාත් වයසයිනෙ.. කමක්නෑ කෑම උයලානෙ යන්න ඇත්තෙ.. වොෂ් එකක් දාගෙන ඇවිත්ම කනවා.." මටම එහෙම මුමුණගත්ත මං රූම් එකට ඇවිත් දොර වහන්නෙ නැතුවම ඇඳගෙන ඉදපු ඇඳුම් එකින් එක ගලවලා දැම්මාත් මගේ හිතට දැනුනේ මහ අමුත්තක්.. හරියට නිකන් කවුරුහරි මගේ දිහා බලාගෙන ඉන්නවා වගේ..

සැකෙන් හැරිලා රූම් එක පුරාම ඇස් ඇරගෙන ගියපු මම කලිසම ගලවලා දාන්න හදද්දීම මගේ ෆෝන් එක රින්ග් වුණා..

"හෙලෝ.."

"මො⁣න ලෝකෙද ඉදියෙ.. බලනවා මම තමුන්ට කෝල්ස් කීයක් නම් ගත්තා ද කියලා රශ්වාන්.."

කවදාවත් නැතුව රදීශ් මට සැරෙන් කතා කළා..

මේ මනුස්සයාට මොන යකෙක් වැහිලාද..

"රදීශ්.. මොකද මේ.. මම ඔයාගෙ කෝල්ස් වලට ආන්සර් නොකර ඉදපු පළවෙනි වතාව මේක නෙමෙයිනෙ.. ඔයා හොදටම දන්නවානෙ දවස පුරාම බිසී උනාත් මම අනිවාර්යයෙන්ම රෑට ඔ...."

"ඇති ඇති නවත්තගන්නවා තමුසෙගෙ කියවිල්ල.."

"රදීශ්.."

"මොකද සද්දෙ දාගෙන එන්නෙ ආ.."

"ඔයා ඩ්‍රින්ක්ස් අරන් ද ඉන්නෙ රදීශ්.. කටහඬත් අමුතුයි.."

මම එහෙම ඇහුවාම නම් එයා නිශ්ශබ්ද  උණා..

"පිස්සුද මම ඩ්‍රින්ක්ස් ගත්තෙ නෑ.. මම ම..."

"බබා එන්නකො ඩාන්ස් කරන්න.."

"කවුද ළඟ ඉන්නෙ.."

ලයින් එකේ එහා පැත්තෙන් ගෑනු කෙනෙක් කතා කරනවා ඇහෙද්දී මගේ ඇහිබැමක් උඩට ඉස්සුනා..

රාවණන් [Completed]✅Место, где живут истории. Откройте их для себя