"බටු ඇටේ.."
කලිසම් සාක්කු දෙකට අත් දාගෙනම මගේ දිහා බලපු අයියා කියද්දී මං ඌට රවාගෙනම පුටුවෙන් නැගිට්ටා..
"දකින දකින තැන මට ඔය නමෙන් කතා කරන්න එපා බං.. එදා ඉදපු හතර වසරේ පොඩි කොල්ලා නෙමෙයි මං දැන්.. ඇයි යකෝ දැන් අවුරුදු තිහත් පැනලා.. හෙට අනිද්දා අප්පච්චි කෙනෙකුත් වෙන්න ඉන්නෙ.."
මම එහෙම කිව්වාම එයා ඇහිබැමක් උඩට ඉස්සුවා..
"උඹ මට හොරෙන් කසාදයක් කරගත්තා කියලා නෙමෙයිනේ ඔය කියන්න හදන්නේ.."
"ඒක මේ.. ඒක මෙහෙමයි.. මම උඹට කියන්න ඉඳියේ.."
"කවදාට ද.. උඹේ පොඩි එකාත් හතර වසරට ගියාම ද.."
"හරි යකෝ.. ඒකාව මම උස්සලා අරන් ආවේ.. බලෙන් කසාද බැදපු නිසා වෙඩිමක් ගත්තෙ නෑ.."
මම එහෙම කිව්වාම කට කොනෙන් හිනා උන අයියා ළගට ඇවිත් මගේ උරහිස් වලින් අල්ලගත්තා..
"ගුඩ් ජොබ්.. උඹ මම කියලා දීපු විදිහට හරියටම කරලා තියෙනවා.."
"ඒ උනාට බං උඹ කියපු විදිහට කරන්න ගිහින් මට දැන් කෙළවිලා ඉන්නෙ.."
"ඒ මොකද.."
"ඌ මහ යකෙක් බං.. මගේ ඉහේ කෙස් ටික මෙහෙමවත් ඉතුරු වෙලා තියෙනවා පුදුමයි.."
"ම........"
මූණට ආපු හිනාවත් එක්ක අයියා කියන්න ගිය දේ නතර කරගත්තේ ඇස් කොනෙන් සිහින දිහා බලන ගමන්..
"ආපු වැඩේ ඉවරයක් කරලා ඉමු.."
මූණට සීරියස් පෙනුමක් අරන් තනි පුටුවක වාඩි උන අයියා කකුලක් පිට කකුලක් දාගත්තෙ තොල් අතරේ සිගරට් එකක් තියාගන්න ගමන් වෙද්දී භයිරව් සිගරට් එක පත්තු කරා..
"භයිරව් උඹ විතරක් ඇතුළෙ ඉඳලා අනිත් උන්ව එලියට යවපන්.."
"හරි මන්ත්රීතුමා.."
එතනින් එහා අයියා කාළි සිහින DIG කරැල්ලියද්ද මම වාසලබණ්ඩාර මන්ත්රීතුමා වෙද්දී අපි අපේ ප්ලෑන් එක ගැන කතා කරන්න පටන්ගත්තා..
කුඩු තියෙන්නෙ කොතනද අනිවාර්යයෙන්ම එතන පාතාලෙත් තියෙනවා.. මොකද පාතාල බලයක් නැතුව කුඩු තියා වෙන කිසිම ජාවාරමක් මේ රට ඇතුළෙ කරගෙන යන්න පුලුවන්කමක් තිබුණේ නැහැ.. කුඩුයි පාතලෙයි එක්ක සම්බන්ධ ඊලග ළගම වචනෙ දේශපාලනෙ.. මේ දෙකට අනිවාර්යයෙන්ම දේශපාලන හයියක් ඕනමයි.. සල්ලි වලට කෑදර දේශපාලුවො උන්ට හේත්තු වෙනවා කියන්නේ ඒත් එක්ක නිකන්ම පොලිස් උදව් ලැබෙනවා කියන එක.. හැමදෙයක්ම සල්ලි වලට විකිනෙන මේ රටේ නීතියත් සල්ලි බලේට නැත්නම් දේශපාලන බලේට යට වෙලා යද්දී පොලිස් ලොක්කො උනාත් අතයට ගනුදෙනු වලට යටත් වෙලා නිහඬ පිළිවෙතක් අනුගමනය කරන්න පුරුදු වෙලා ඉඳියා..
YOU ARE READING
රාවණන් [Completed]✅
Fanfictionමම ද රාවණෙකි ඔබෙ පෙම අභියස🖤 තේව්💞තේනු •ආත්ම බන්ධන කතා පෙළ 1.රාවණන් 2.කාළි 3.අයිඩී (රාවණන් 2) 4.විලන් (කාළි 2)