95📖️

10.1K 1.4K 401
                                    

චටාස්

නෙතූ ගහපු කම්මුල් පාර ඉවසගෙන මම අත්මිට මොළවගත්තා.. වරද මගේ අතේ නම් ගුටි කාගෙන හරි ඉවසනවා මිසක මට එයාට වචනයක්වත් කියන්න අයිතියක් නැහැ..

"මං තමුසෙව විශ්වාස කරා.."

ඒ කම්මුල් දිගේ කඳුලු ගලද්දීම එයා මගේ දිහා බලාගෙන එහෙම කියද්දී එයාට මොනවාද කියන්න ඕන කියලා මට හිතාගන්න බැරි වුණා.. කෙල්ල කිව්වෙ ඇත්ත.. එයා මාව විශ්වාස කරා.. ඒත් මම කරේ ඒ විශ්වාසෙ සම්පූර්ණයෙන්ම කඩ කරපු එක විතරක්ම වෙද්දී එක පාරක් නෙමෙයි එයා දෙතුන් පාරක්ම මගේ කම්මුලට ගැහුවාත් ඉවසන්න බලාගෙනයි මම මේ ගමන ආවේ..

"ඇයි එහෙම කරේ ආ.."

එයා මගේ ටී ෂර්ට් එකෙන් ඇදලා අල්ලගෙන අහද්දී මම ඒ අත් වලින් අල්ලගත්තා..

"නෙතූ ම....."

"මට කියනවා තේනුල්‍ය .. ඇයි තමුන් එහෙම කරේ.. ඒ ඔයාගෙ පවුලෙ අය නිසාද.. ආ.. මට උත්තර දෙනවා.."

"මට සමාවෙන්න නංගී.."

"සමාව..?? මෙච්චර දෙයක් කරාට පස්සෙත් තමුසෙට පුලුවන් ද මගෙන් ලැජ්ජා නැතුව සමාව ඉල්ලන්න.."

මම කට පියාගෙන බිම බලාගත්තා.. ජීවිතේ කිසිම දවසක මට මේ වගේ අසරණකමක් දැනිලා තිබුණේ නැහැ.. ඒ්ත් අද මම මගේම ලේ වෙනුවෙන් මගේම යාලුවෝ වෙනුවෙන් නෙතූගෙ කටින් පිට වෙන හැම වචනයක්ම ඉවසගත්තා..

"නංගී.. ඔය ඇති.."

ඒත් එක්කම ගේ ඇතුළෙ ඉඳන් ආපු නෙතූගේ අක්කා එයාගෙ උරහිස උඩින් අතක් තියලා එහෙම කිව්වෙ මගේ දිහා බලන ගමන් වෙද්දී ඒ ඇස් දිහා බලන්න බැරිකමට මම අහක බලාගත්තා..

"මුන් හැමෝගෙම ඇඟේ දුවන්නෙ එකම ලේ නංගී.. එහෙම එකේ මෙයා වෙනස් කියලා හිතපු ඔයාටයි වැරදුනේ.. මම ඔයාට මුල ඉදන්ම කිව්වා.. ඒත් ඔයා ඇහුවෙ නෑ.. දැන් පේනවානෙ උන දේ.. දුප්පත් අපි හැමදාම මුන් වගේ සල්ලිකාරයොන්ගෙ සපත්තුවට පෑගුනා.. සල්ලියි බලයයි දෙකම මෙයාලගෙ අතේ තියෙනකම් මේ පුංචි රට ඇතුළෙ අපිට කරන්න පුලුවන් කිසිම දෙයක් නැහැ.."

නෙතූට කියපු අක්කා අල්ලගත්තේ මගේ අතින්.. එහෙම්මම මගේ අතින් ඇදගෙන ඇවිත් මාව ගෙදරින් එළියට දාපු එයා දොර ළඟ හිටගත්තා..

රාවණන් [Completed]✅Where stories live. Discover now