61📖️

9.9K 1.4K 445
                                    

"කිව්වාට ඇස් දෙකෙන් දකිනකම් මං විශ්වාස කරේම නෑ.. වඳයි කියපු විනීතාට එහෙනම් දැන් අවුරුදු විසි පහක ලොකු පුතෙක් ඉන්නවා.."

ඒත් එක්කම ඇහුන කටහ⁣ඬින් මං වගේම තේව්ත් ඒ දිහා හැරිලා බැලුවා..

අපෙ අම්මාගෙම වයසෙ විතර ගෑනු කෙනෙක් කිචන් එකේ දොර ළඟ හිටගෙන ඉන්නවා දැකපු තේව් ඇස් වලින් ඒ කවුද කියලා මගෙන් ඇහුවාම මං දන්නෙ නෑ කියන්න උරහිස් ඇකිලුවා.. ඇත්තටම මම එයාව මීට කලින් දැකලා තිබුණේ නැතත් මූණ දැකපු ගමන් තේරුණා ගමේ හොඳ ඕපයක් කියලා..

එහෙම්ම මගේ ළඟින් ඈතට උන තේව් පිඟාන හෝදලා අත සෝදගනිද්දි මම පැන්ට්‍රි එකට අත් දෙක තියලා කකුල් දෙකත් පද්දලා පොඩි එකෙක් වගේ බිමට පනින්න හදද්දී එයා මට සැර වුණා..

"පැනපන් බලන්න.. කඩනවා අඬු දෙක.."

"ඇයි අෆ්ෆා.. මේ කකුල් දෙක බිම ගෑවෙන්න ඔන්න මෙන්නනෙ තියෙන්නේ.."

"ඒ උනාට ඕන නෑ.. එපා කියන්නේ එපා නිසානෙ.. දෙයක් කිව්වාම බකපණ්ඩිත නොවී අහන්න පුරුදු වෙනවා.."

"මහ නපුරු දුෂ්ටයෙක්.."

මම කට උල් කරගත්තා..

"මං නපුරු දුෂ්ටයෙක් උනාට කමක් නෑ උඹ පරිස්සමෙන් නම් එච්චරයි.."

එහෙම කියපු එයා මගේ නහය මිරිකලා මාව උස්සලා අරන් බිමින් තිබ්බාම මං එයාගෙ තොල් උඩ කෙටි හාදුවක් තිව්වා.. ඇත්තම කිව්වොත් අපි දෙන්නාටම අර ගෑනු කෙනා අපි දෙන්නා දිහා බලාගෙන ඉන්නවා කියලා වගක් තිබුණේ නැහැ..

"අද කාලෙ හැදෙන උන්ට කිසිම විලිසංගයක් නැති හැටි.. වැඩිහිටියෙක් බලාගෙන ඉන්නවා කියලාවත් වගක් නෑ.."

අර ගෑනු මනුස්සයා ආයෙත් කියනවා ඇහෙද්දී මම එයා දිහා රවලා බැලුවේ නොරිස්සුමෙන්..

"දැන් තමුන්ට මොකක්ද වෙන්න ඕන.."

මං ඇහුවේ එයා ඉස්සරහාට ඇවිත් හිටගන්න ගමන්..

"මොකක්ද.."

"මොකක්ද කියලා තමයි මාත් අහන්නේ.."

"තේනු.. බබා ඔය ඇති.."

"ඔයා ඉන්නකො ටිකක්.."

තේව් මාව නතර කරන්න හැදුවාත් එයාගෙ අතත් අහකට කරපු මං ආයෙත් අර ගෑනු කෙනා දිහාට හැරුනෙ ඒ මනුස්සයා අමුතු සතෙක් දිහා බලන බැල්මකින් මගේ දිහා බලාගෙන ඉඳිද්දී..

රාවණන් [Completed]✅Where stories live. Discover now