92📖️

9.2K 1.3K 339
                                    

"මම හැමදෙයක්ම දන්නවා.. ඒත් මට එක ප්‍රශ්නයක් තියෙනවා.."

මම කිව්වෙ අප්පච්චි දිහා බලාගෙන වෙද්දී මං කියපු දෙයින් අප්පච්චිගෙ වගේම පොඩීගෙත් මූණු වෙනස් වෙලා ගියා..

"සුදූ.. ම....."

"හැමදාම මං ඔයාලා කියන දේ ඇහුවානෙ පොඩි අයියෙ.. අද මට කතා කරන්න දෙන්න.. ම......."

"ආ ඉළන්දාරියා ගෙදර ආවාද.. මං එනකම් තමයි බලාගෙන ඉඳියේ අල්ලගන්න.."

ඒත් එක්කම ඇහුන අම්මාගෙ කටහඬින් අපි තුන්දෙනාම එයා දිහා හැරිලා බැලුවාත් අප්පච්චියි පොඩියි ඉඳියෙ බය වෙලා කියලා මට තේරුණා.. පොඩීත් වැඩිය අප්පච්චි බයෙන්..

"මොකද ඊයෙ රෑ ෆෝන් එකට ආන්සර් නොකරේ.. අනික කසාද බඳින්න කලින් දෙන්නත් එක්ක ඔහොම රැයක් තනියම ඉන්නවා ද.."

අම්මා ලාවට වගේ මගේ කන මිරිකලා අහද්දී මම එයා දිහා බලලා කට උල් කරගත්තා..

"ඉතිං අනේ කලින් බැඳලා ඉඳිද්දී කරපු දේවල්නෙ ආයෙ බැන්ඳාට පස්සෙ කරන්නෙත්.. අපි දෙන්නා එකට ඉඳියා කියලා මොකද වෙන්නෙ.."

"චූටි.."

මම කියද්දී අම්මා කම්මුලෙ අත ගහගත්තේ අප්පච්චි කහිද්දී..

"අනේ ඇත්තමයි මේ කොල්ලාට නම් කටක් නෙමෙයි තියෙන්නේ.. කවුරු විදිහට හැදිලාද මන්දා.."

"සීයා විදිහට.. එයාත් තරුණ කාලෙ මං වගේලු.."

"කවුද ඔයාට ඕවා කිව්වෙ.."

"සීයා.. මගේ පෙනුම අප්පච්චි වගේ උනාට හැසිරීම කතා බහ එයා වගේ කියලා සීයා දවසක් මට කිව්වා.."

මම කියද්දී අප්පච්චි දිග හුස්මක් පිට කරා..

"සීයාලාගෙ මුනුපුරාලාගෙ හපන්කම් නිසා තමයි මේ පවුල් දෙක අතර අද මෙච්චර ප්‍රශ්න ඇති වෙලා තියෙන්නේ.."

"ඔය දේවල් මේ දරුවන්ගෙ ඔලුවට නොදා ඉන්න අනේ.. අනික සීයාලා මුනුපුරාලා විතරක් නෙමෙයි අප්පච්චිත් ඕවාගෙ කොනක ඉන්නවානෙ.. ඒ නිසා මේ ළමයි ඉස්සරහා මගෙ කට අවුස්සගන්නෙ නැතුව ඉන්නවාද අපෙ මහත්තයා.."

රාවණන් [Completed]✅Where stories live. Discover now