54📖️

10.6K 1.4K 533
                                    

"උදේ පාන්දර වමනෙ දාන්නෙ ප්‍රෙග්නන්ට් උනාම නෙමෙයිද.. මම දැක්කා ටීවි එකේ ගිය කතාවකත් එහෙම පෙන්නනවා.."

"මන්ත්‍රීතුමාට ටීවී බලන්නත් වෙලාව තියෙනවා වගේනෙ.. ඒකට මොකද මම කෝල් කරාම ෆෝන් එකට ආන්සර් කරන්න තමයි වෙලාවක් නැත්තෙ.."

මම කතාව මග අරින්න හිතාගෙන නොරිස්සුමෙන් කියද්දී මගේ දිහා බලාගෙන ඉදපු එයා ලස්සනට හිනාවෙලා නළල උඩ හාදුවක් තිබ්බා..

"මොකද හිනාවෙන්නෙ.."

"මට සතුටු නිසා.."

"ඒ මොකද.."

"එදා මාව එපා කියපු ඔයාම අද මගේ එක කෝල් එකක් වෙනුවෙන් මෙච්චර තරහා ගන්නවා කියන්නේ ඔයා මට ගොඩක් ආදරේ කරනවා කියන එකනේ.. ඉතිං මට සතුටුයි.. මම ජීවිතේ ගොඩක් බලාපොරොත්තු තියාගෙන ඉදපු කෙනෙක් නෙමෙයි තේනු.. ඒත් ඔයා මගේ ජීවිතේට ඇවිත් මට ජීවත් වෙන්න අලුත් අරමුණක් අලුත් බලාපොරොත්තුවක් දුන්නා.. ඉස්සර නම් හෙට මැරුණාත් කමක් නෑ කියලා ඉදපු මම දැන් මොන දෙයක් කරන්න ගියත් දෙසැරයක් හිතනවා.. මං නැති උනොත් තනි වෙන්න කෙනෙක් ඉන්නවා කියලා මට මතක් වෙනවා.. මට ඔයා වගේම ඔයාටත් මාව නැතුව බෑ කියලා දැනෙද්දී ඇත්තටම ගොඩක් සතුටුයි බබා.. අන්තිමට මං ම⁣ට ගැළපෙන හරිම කෙනා හොයාගත්තා.."

"හා.."

"හා විතරද.."

"උම්ම්මා.. ලව් යූ.."

"පොඩි එකෙක් වගේ.. හුරතලේ.."

මගේ නහයෙ එයාගෙ නහය වද්දපු එයා කම්මුල උඩ හාදුවක් තිබ්බෙ එයාගෙ අතේ ඇඟිලි මගේ ඇඟිලි එක්ක පටලවා ගන්න ගමන්..

"ආදරෙයි.."

මම ඔයාට ආදරෙයි කියනවාට වැඩිය එයා මට කිව්වෙම තනි වචනෙන් ආදරෙයි කියලා වෙද්දී ඒක මට හැමදාම වගේ අදත් හුඟාක් දැනුණා.. මොකද තේව් කියන්නේ ලේසියෙන් එයාගෙ හිතේ තියෙන හැඟීම් පිටට පෙන්නන කෙනෙක් නෙමෙයි.. තමන්ගේ අම්මා තාත්තාටවත් මූණ බලන් ආදරෙයි නොකියන එයා මට විතරක් ඒ වචනෙ වෙන් කරද්දී මගේ හිතට දැනුනේ කියාගන්න බැරිතරම් සතුටක්..

"දෙන්නකෝ.."

එයාගෙ ටී ෂර්ට් එකෙන් ඇදලා ගත්ත මම කට උල් කරද්දී එයා ඇහිබැමක් උඩට ඉස්සුවේ මොනවාද අහන්න වගේ..

රාවණන් [Completed]✅Where stories live. Discover now