අවසාන කොටස📖️

18.7K 1.5K 2.1K
                                    

සැරයටියෙන් අපි යනෙන තුරා
සංසාරේ අපි එකට ඉමූ
සංසාරෙන් අපි සමුගන්නාදා
ගමනත් අපි එකට යමූ

ජීවන මං පෙත මලින් සැදී ගීය
යුගයක නොව ඔබ හමු වූයේ
කටු කොහොලින් පිරි කලල් වියේ මා
තනිවම එද්දිය හමුවූයේ
මින් මතු මංපෙත මලින් සදන්නෙමි
ළතැවුල් සෝ ගී නෑසෙන සේ
පමනක් නොව මේ සංසාරේ
උපදින වුව මතු සංසාරේ

මතු සංසාරේ මා හුරුබුහුටිව
පෙම් කරනා කල එලඹෙනදා
කුලුඳුල් නැකතින් හමුවන පැතුමන්
පතනෙමි සසරින් නික්මෙනදා
සංසිදුවා සතු පහන් කරන්නෙමි
මේ පෙම කුලුඳුල් පෙමය සිතා
එන්නෙමි පසුපස සංසාරේ
කැපවෙමි ඔබ සිතු ගැනම සිතා

මේ ජීවිතේ අපි පටන්ගන්නෙ කොහොමද ඉවර කරන්නෙ කොහොමද කියලා කාටවත්ම කලින් අනාවැකි කියන්න පුලුවන්කමක් නැහැ.. ඒ වගේම මේ ජීවන ගමන ඇතුළෙදි දවසගානෙ අපිට විවිධාකාර විදිහෙ මිනිස්සු මුනගැහෙනවා.. එයාලා අතරින් කෙනෙක් තාවකාලික නැවතුමක් වෙද්දී තවත් කෙනෙක් අපේ ගමනාන්තය වෙනවා.. හරියට අහම්බයෙන් මගේ ජීවිතේට එයා ආවා වගේ..

කවදාවත් කසාදයක් ගැන නොහිතපු මුලු ජීවිත කාලෙම තනියම ඉඳන් අම්මාගෙ හීනෙට පණ දෙන්න හිතාගෙන ඉඳපු මගෙ හිත එයා මගෙ ඇස් ඉස්සරහට ආපු සැනින් වෙනස් වුණා.. කොච්චර නෑ කිව්වාත් මං දන්නවා මුලින්ම මගෙ හිත ගියේ එයාගෙ රූපෙට කියලා.. ඒ වගේම එයාගෙ තිබුණ බය නැතිකමට.. ඊට කලින් හැම කෙල්ලෙක් කොල්ලෙක්ම එයාලාගෙ කැමැත්තෙන් මගේ ළඟට එන්න හදද්දී ජීවිතේ පළවෙනි වතාවට කෙනෙක් මාව රිජෙක්ට් කරාම මට හිතුනෙම එයාව මං බලෙන්හරි අයිති කරගන්න ඕන කියලා.. මොකද මං දැනගෙන ඉඳියා එයා තමයි හරිම කෙනා කියලා.. තේව් කියන්නේ ගහක් නම් ඒ ගහ වටේ එතිලා උඩටම යන්න පුලුවන් වැල තේනුල්‍ය විතරමයි.. හෙන ගැහුවාත් දරාගන්න පුලුවන් තරමට ඒ හිත හයියයි.. මට ඕන උනෙත් එහෙම කෙනෙක්.. මං වැටුනාත් මාව අල්ලගෙන නැගිට්ටවන්න පුලුවන් හිතේ හයිය තියෙන කෙනෙක්..

රාවණන් [Completed]✅Opowieści tętniące życiem. Odkryj je teraz