චටාස්
මම ගහපු පාරත් එක්ක මුකුත් හිතාගන්න බැරුව කම්මුලට අත තියාගත්ත එයා පුදුම වෙලා මගේ දිහා බලද්දී මම කේන්තියෙන් අත් මිට මොලවාගත්තා..
"මො...."
"වචනයක් කතා කරන්න එපා.. තමුසෙට ඇත්තටම ලැජ්ජා නැද්ද මිනිහෝ.. මම මැරි කරද්දී කිව්වා මගේ අකමැත්තෙන් මාව අල්ලන්න එපා කියලා.. ඒත් ඊයේ රෑ.... තමුසෙ මට මොනවාද කරේ කියනවා.. මගේ ඇඳුම්.. ඒවා...."
"ඔයා වැරදි වැටහීමක ඉන්නෙ.. මම මුකුත් කරේ නෑ.." එහෙම කියපු එයා යන්න හැදුවාත් මම ආයෙත් එයාගෙ අතින් අල්ලලා නතර කළා..
"ඔහොම ඉන්නවා.. කොහෙද පැනලා දුවන්නෙ.. ඊයේ රෑ මොකක්ද උනේ කියනවා.. මට මුකුත් මතක නැහැ.. තමුසෙ මොකක්ද කරේ.."
"තේනු මම වතාවක් කිව්වා මම මුකුත් කරේ නැහැ.."
"තමුසෙ මට බලහත්කාරකම් කරේ නැත්නම් මගේ ඇඟේ තිබුණ ඇඳුම් වලට මො..... ආර්ර්..." මම කේන්තියෙන් එයාට කෑගහද්දී එයා මගේ අත තද කරලා අල්ලගත්තා..
"උඹට හොඳින් කියද්දී අහන්නම බෑ නේද.. මම කරේ නෑ කිව්වේ කරේ නැති නිසා.. උඹ දැන් කියන්නේ උඹ සිහියක් නැතුව බීගෙන නටද්දී මම උඹට බලහත්කාරකම් කරා කියලානෙ.. හරි එහෙනම්.. මම උඹට අද පෙන්නන්නම් කොහොමද බලහත්කාරකම් කරන්නෙ කියලා.." එහෙම්ම මාව උස්සලා අරන් ඇඳට දාපු එයා මගේ ඇඟ උඩට ඇවිත් මගේ අත් දෙක ඔලුව දෙපැත්තෙන් තියලා තද කරගෙන මගේ තොල් වලට බර උනේ මං එයාගෙන් ගැලවෙන්න දඟලද්දි..
"එපා රාව.... ම්ම්ම්හ්හ්ම්ම්.. එ..ම්හ්ම්ම්ම්..පා... අතාරි.. ම්හ්ම්ම්හ්හ්.. නවා.. ම්ම්ම්හ්හ්ම්ම්.." නෑ එයා මට එයාගෙන් කිසිම ගැලවීමක් ලැබුනේ නැහැ.. එයා මාව කිස් කරාට වැඩිය පුපුරුගහන්න වේදනා දෙනකම් හපා කෑවා කිව්වොත් තමයි හරි.. විනාඩි ගානක් පුරාවට එයාගෙ තොල් වලට වගේම දත් වලට මැදි උන මගේ තොල් වේදනා දෙද්දී මටත් නොදැනීම මගේ ඇස් වලින් කඳුලු ගලන්න ගත්තා..
"රිදෙනවා නේද උඹට.. මෙන්න මේකට තමයි බලහත්කාරකම් කරනවා කියන්නේ තේනු.. උඹේ ඇඟේ කොහේ හරි උඹට වේදනාවක් දැනුනාද.. අඩුම තරමින් මම උඹව ඇල්ලුවා කියන්න එක සලකුණක් ඔය ඇඟ පුරා තියෙනවාද.. ඊයේ රෑ මාව බලෙන්ම කිස් කරේ උඹ මිසක් මේ මම නෙමෙයි යකෝ.. මෙහෙම දෙයක් වෙනවා කියලා දන්න නිසායි මම උඹට අතවත් තිබ්බෙ නැත්තෙ.. හොඳ සිහියට ආවාම හැමදෙයක්ම මතක් වෙයි.. ඒ නිසා මම නොකරපු දේවල් වලට මට වරද පටවන එක නතර කරනවා.. මොකද මට කේන්ති ගියොත් උඹට මගේ කේන්තිය දරාගන්න බැරි වෙයි.." මම තාමත් ඉඳියේ බාත්රෝබ් එක පිටින් වෙද්දී මාව අත් ඇරලා නැගිටපු එයා කේන්තියෙන් කාමරේ එහා මෙහා ඇවිද්දෙ එයාවම සන්සුන් කරගන්න උත්සාහ කරන ගමන්.. එතකොට.. එතකොට මම එයාව වැරදියට තේරුම්ගත්තාද.. බේබද්දෙක් වගේ බෝතලේ කටේ ගහගත්තාට හොඳ වැඩේ තේනු උඹට..
YOU ARE READING
රාවණන් [Completed]✅
Fanfictionමම ද රාවණෙකි ඔබෙ පෙම අභියස🖤 තේව්💞තේනු •ආත්ම බන්ධන කතා පෙළ 1.රාවණන් 2.කාළි 3.අයිඩී (රාවණන් 2) 4.විලන් (කාළි 2)