14📖️

9.8K 1.4K 521
                                    

"මේ මොකක්ද.."

"සරමක්.." මම කිව්වේ එයාගෙ අතේ තිබුණ සරම දිහා අහිංසක බැල්මක් දාන ගමන්..

"සරමක්..? තමුසෙට මේක මොන පැත්තෙන්ද තේනු සරමක් වගේ පේන්නෙ.. බලනවා ඉස්සරහාත් නෑ පස්සත් නෑ වටේ ටික විතරයි ඉතුරු වෙලා තියෙන්නේ.. උඹ මට කියන්නේ මේක ඇඳගෙන පාර්ලිමේන්තු යන්න කියලාද.. ඔක්කොටම කලින් මට මෙන්න මේකට උත්තර දීපන්කො.. උඹ මීට කලින් රෙදි හෝදලා තියෙද..?"

"ම්හුක් නෑනේ.."

"එතකොට උඹ දැන් මේ ඇඳුම් හේදුවෙ කොහොමද කියපන්.."

"ආ ඕවා මම නෙමෙයි හේදුවේ.."

"එහෙනම්.." එයා මගේ දිහා ඇහිබැමක් උඩට උස්සලා බලද්දී මම හතර වටේට ඇස් කරකවන ගමන් ඇඟිල්ලකින් පොලව හෑරුවා..

"ඔයාගෙ බොඩිගාඩ්ස්ලා.. මම එයාලාට කිව්වා පට්ට යනකම් හරි ගලේ ගහලා සිරිමලා⁣ගේ ඇඟිලි සලකුණු ඕවායින් යැව්වොත් අද රෑට චිකන් බුරියානි එක්ක හැමෝටම කාලක් ගෙනත් දෙනවා කියලා.."

"ඈ යකෝ උඹ දැන් උන්ටත් පගාව දෙන්න පටන්ගත්තාද.."

"ඒක තමුසෙට අදාල නෑනෙ මිනිහෝ.. ඒක එයාලාගෙයි මගෙයි ගනුදෙනුවක්.."

"ආ දැන් එහෙමද.."

"ඔව් එහෙම තමයි.. ඇයි තමුසෙ මට ගහන්නද.." මම ඇහුවේ ඉනට අත් දෙක තියාගෙන වෙද්දී එයා මූණට ආපු හිනාව හිර කරගෙන මගේ දිහා බලාගෙන ඉඳියා..

"මොනවා කරන්න ද.. මගේ අහවල් එකේ අමාරුවටනෙ උඹව බැඳගත්තෙ.. දැන් ඉතිං විඳවපන්කො.. ගෙදර වොෂින් මැෂින් එකක් තියෙද්දී උඹ මොකටද මේවා අරුන්ට කියලා හෝදවන්න ගියේ.. උන්ටත් මොකද ඉතිං.. මිනිහෙක්ට ගහනවා කියලා හිතාගෙන අතේ පයේ හිරි ඇරගන්න ඇති.."

"වොෂින් මැෂින් එකේ පොල්ම... නෑ මේ මම කිව්වේ වොෂින් මැෂින් එක කැඩිලා.. ඔව් ඒක තමයි.. හිහී.." දත් ටික විරිත්තලා මම හිනාවෙද්දී එයා මගේ ඉන වටේ අතක් දාලා මාව ළඟට ඇදලා ගත්තා..

"තේනු.. තමුසෙ මොකක්හරි යටිකූට්ටු වැඩක් එහෙම කරේ නෑනෙ.."

"පිස්සුද.. මම එහෙම කරනවාද.. මම සෝස මලක් වගේ අහිංසකයි.."

රාවණන් [Completed]✅Opowieści tętniące życiem. Odkryj je teraz