62📖️

9.8K 1.3K 312
                                    


"තේනු.."

කලු මාස්ක් එකයි කැප් එකයි දාගෙන කාර් කී එකත් අරන් ගෙදරින් එළියට බහින්න හදපු මාව සාලෙ වාඩි වෙලා අම්මාත් එක්ක කතා කරන ගමන් ඉදපු තේව් නතර කළා..

"ඇයි.."

ඉදපු තැනම ඉඳන් තේව් දිහා හැරිලා බලපු මම ඇහිබැමක් උඩට ඉස්සුවේ නොරිස්සුමෙන්.. මෙයාගෙ ප්‍රශ්න පත්තරේට උත්තර දෙන්න ගියොත් නම් අද මට යන්න වෙන්නෙ නැහැ.. අනික මෙහෙම ඉඳියාට මේ යකා මං හැරෙද්දී දන්නවා..

"කොහෙද යන්නෙ.. අනික ඇයි ඔහොම ඇඳගෙන.."

මොකද කරන්නේ.. මෙයාව කේන්තිගස්සගෙන නම් බෑ.. එහෙම උනොත් අද ගෙදරින් එළියට බහින්න හම්බවෙන්නෙ නෑ.. ආදර මායමක් දාලා ෂේප් කරගන්න බලනවා.. හරි ගියොත් එහෙමයි වැරදුනොත් ඒත් එහෙමයි.. එහෙම්ම දාගෙන ඉදපු මාස්ක් එක ගලවපු මං අහිංසක මූණක් හදාගෙන ගිහින් එයාගෙ උකුළ උඩින් වාඩි උනාම අම්මා වාඩි වෙලා ඉදපු තැනින් නැගිට්ටා..

"මම පුතාට තේ එකක් හදාගෙන එන්නම්.."

"ආ දැන් බෑනාට විතරද සේරම සැලකිලි.. මගෙන් නිකමටවත් ඇහුවේ නෑ තේ එකක් ඕනද කියලා.."

"ඔයා මේ යන්න ලෑස්ති වෙලා මොන තේ ද.. අනික මම බලාගෙන කලින් දෙන්නාට තේ දීපු වෙලේ ඔයා මේ දරුවාගෙ තේ එකත් උදුරගෙන බිව්වා.."

"ඉතිං එයානෙ දුන්නේ.. නේද.."

"මං දුන්නා..? මට මතක නෑනේ.."

"ඔයා මහ හොඳ නෑ අනේ.. ඕන නෑ.. අතාරිනවා.. මම යනවා යන්න.."

අත මිට මොලවලා එයාගෙ පපුවට ගහපු මං නැගිටලා යන්න හැදුවාත් තේව් හිනා වෙලා මට යන්න නොදී ඉන වටේ අතක් දාගත්තෙ අම්මාත් හිනා වීගෙනම කිචන් එකට යද්දී..

"අතාරින්න නෙමෙයිනෙ මගේ සුදු මැණිකව අල්ලගත්තේ.."

"බොරු චාටු කතා.."

මම එයාට රැව්වාම එයා මගේ කම්මුලට හාදුවක් තිබ්බා..

"කෙලගාන්න එපා.."

ආයෙත් එයාට රවපු මම පිට අල්ලෙන් අත පිහිදගත්තා..

"කොහෙද මේ ගෙදර ආපු ගමන් යන්න හදන්නෙ.. ම්.."

රාවණන් [Completed]✅Where stories live. Discover now