"මට ඕන නෑ තමුසෙව.. සිරිමලා එක්කම ඉන්න එකයි ඇත්තෙ.. සරමත් ඌට කියලාම මහලා අන්ඳවගන්නවා.. නාකි රැවුලා මට ගැහුවා.. අද වෙනකම් අම්මා තාත්තාවත් මට අතක් උස්සලා නැහැ.." හැමෝටම ඇහෙන්න එයාට බැන බැන කාමරේට ආපු මං දොර සද්දෙන් වහලා දැම්මාත් ඊළඟ තත්පරේ කට කොනෙන් හිනා වුණා..
හරියටම තව දවස් තුනයි ඉතුරු රාවණන්.. හතරවෙනි දවසට ඉර පායද්දි තමුන්ට හිතාගන්නවත් බැරි වෙයි හොඳට තිබුණ තමුන්ගේ ජීවිතේ උඩු යටිකුරු උනේ කොහොමද කියලා.. ඒත්.. ඒත් ඇයි මගේ යටි හිත මට කියන්නේ වෙන්න යන දේ වැරදියි කියලා.. උඹට පිස්සු.. විකාර නොහිතා ඉදපන් තේනු.. අමතක කරන්න එපා තමුන් කවුද කියන එක.. එයා බෙල්ලට දාපු මාලෙ අතගාලා සුසුමක් හෙලපු මම ආයෙත් හිනා වෙලා පස්ස වන වනා හිතට ආපු සිංදුවක පද තාලෙට මුමුණන්න ගත්තා..
කොච්චර රාවණාට අකමැති උනාත් මගේ හිතට එන්නෙම එයා ගැන සිංදු විතරක් වෙද්දි මට හිතුනෙම ඒ මං එයාට වෛර කරන නිසා වෙන්න ඇති කියලා..
මන්දෝදරී මා බිසවුන් මා ආශා
දසිස් නම් වෙනා මම නුඹේ රාවණා
පිබිදුණු කෙලෙස් හා නුඹ ප්‍රේමියේ මා
නුඹේ හද තලා පසෙකට කලා
ගිණි දැල් අමෝරා
අසිපත් දෑතින් හසුරුවා
යුධ පෙරමුණේ රජු විනා
හර්දය කොනිත්තා
බලපන් හෙමින් ලං වෙලා
පෙම් කෙරුව පෙම්වතෙකි මාඑකසැරේටම මගේ ඉන වටේ අතක් එතෙද්දි කලබල උන මම පිටිපස්ස හැරෙන්න ගියාත් එයා මගේ ඉන වටේ තිබුණ අතේ ග්‍රහනය දැඩි කරේ මාව එයාගෙ ඇඟට තෙරපගෙන සින්දුවේ ඉතුරු පද පේළි ටික මුමුණන ගමන්..
සෘංගාරෙන් මත්වෙලා මා නුඹේ කෝලම් හා
නිල් දෑසේ ගෑවිලා රලු හිතේ හැඟුමන් මා
රූ නාරි රංගනා පෑ සිනා මත් කලා
මන්දෝදරීයෙ මා පෙම් කරනා රාවණාමුලු ලොවම ගැරහුවද වහසින් එදා
දුෂ්ටයෙකු නොව රාවණා
සීතාට පෙම් කරපු රාමා මෙදා
ලොව එකම පෙම්වන්තයා
YOU ARE READING
රාවණන් [Completed]✅
Fanfictionමම ද රාවණෙකි ඔබෙ පෙම අභියස🖤 තේව්💞තේනු •ආත්ම බන්ධන කතා පෙළ 1.රාවණන් 2.කාළි 3.අයිඩී (රාවණන් 2) 4.විලන් (කාළි 2)