98📖️

7.3K 1.1K 441
                                    

"ගුඩ්මෝනින්..."

"ම්.. මෝර්නින්.."

"අද නැගිටින්න අදහසක් නැද්ද.."

මම එහෙම අහද්දී තේව් ආයෙත් මගේ අතින් ඇදලා ඇඳ උඩට දාගත්තෙ මගේ පපුවෙ මූණ තියාගන්න ගමන් වෙද්දී එයාගෙ කොණ්ඩෙ අතරින් ඇඟිලි අරන් යන ගමන් මං එයාගෙ ඔලුව උඩ හාදුවක් තිබ්බා..

"මහන්සියි.. ඇඟ රිදෙනවා.."

තේව් කියද්දී මට සද්දෙන් හිනා ගියා..

"මොකද හිනාවෙන්නෙ ආ.."

"නෑ.. මුකුත් නෑ.."

එයා මගේ දිහා බලලා අහද්දී එහෙම උත්තර දුන්නාත් අතින් කට වහගත්ත මං හිනාව නතර කරගෙන ඉඳියේ හරි අමාරුවෙන් වෙද්දී එයා මං ඇඳගෙන ඉඳපු ටී ෂර්ට් එක ඇතුළෙන් අත දාලා මගේ ඉන මිරිකුවා..

"කියනවා.. මොකද හිනාවෙන්නෙ.."

"මගෙ මහත්තයාට මටත් වැඩිය අමාරුයි වගේනෙ.. කමක් නෑ කමක් නෑ වයසට යනකොට ඕවා ඔහොම තමයි.."

මම කියද්දී ඇස් හීනි කරලා මගේ දිහා බලපු එයා මගේ ඇඟ උඩට ආවේ මගේ කම්මුලක් හපන ගමන් වෙද්දී හැමදාම පුරුදු විදිහට ඒ චූටි රැවුල් කොට මගේ කම්මුල් පුරා දැවටෙද්දී දැනෙන කිතියට මං එයාගෙන් ගැලවෙන්න දැඟලුවාත් ඒ අත පය එක්ක ඔට්ටු වෙන්න මට ලේසි උනේ නැහැ..

"කට තවමත් පණ තියෙනවා වගේනෙ.."

"ඔයා වගේ නෙමෙයිනෙ.. මං තාම තරුණයි.. ඒ නිසා ඉක්මනට මහන්සි දැනෙන්නෙ නෑ.."

"තමුසෙ ඔය නොකියා කියන්නේ මං නාකියි කියලානෙ.."

තේව් මගේ මූණට එබිලා අහද්දී මං ඔලුව පැත්තකට හරවන් හිනා වුණා..

"තේනු.."

ආයෙත් වතාවක් එයා මගේ කම්මුල උඩ තොල් තියන්න හදද්දීම මම මගේ අතින් එයාගෙ කට වැහුවා..

"බර්ත්ඩේ එක දවසෙ ඇඳට වෙලා ඉන්න ද කල්පනාව.. නැගිටලා වොෂ් දාගෙන එන්නකො.."

එහෙම කියලා එයාව අහකට තල්ලු කරන ගමන් මං ඇඳෙන් නැගිට්ටෙ මගෙ ඇඳුම හදාගන්න ගමන්..

"මොකක්ද බබා.. අදත් උදෙන්ම නැගිටින්න ඕනද.. අපි හනිමූන්නෙ ආවේ.."

රාවණන් [Completed]✅Opowieści tętniące życiem. Odkryj je teraz