103📖️

9.6K 1.3K 738
                                    

ඩොක්ටර් තේනු ආයෙත් ප්‍රෙග්නන්ට් කියලා කිව්වාම සතුටු වෙන්නද එහෙමත් නැත්නම් දුක් වෙන්නද ඕන කියලා මට හිතාගන්න බැරි වුණා.. සාමාන්‍යයෙන් මම කේන්දර සාස්තර විශ්වාස කරන මනුස්සයෙක් නොවුනාත් තේනුගෙ කිරිඅත්තා කියපු හැමදෙයක්ම හරියටම හරි ගිය දවසෙ ඉදන් මම එයා සම්බන්ධ පුංචි දෙයක් ගැන උනාත් ලොකුවට හිතන්න ගත්තා..

එදා වෙදමහත්තයා කියපු දේවල් ඇහුවාට පස්සේ මගෙ හිතේ දරුවෙක් ගැන තිබුණ ආසාව සම්පූර්ණයෙන්ම නැති වෙලා ගියා.. ඊටත් වැඩිය මම බය උනා ඇත්ත දැනගත්තොත් තේනුට දරාගන්න බැරි වෙයි කියලා.. මට මෙච්චරටම වේදනාවක් දැනෙනවා නම් බඩේ තියන් අපෙ දරුවාව මේ ලෝකෙට ගේන්න හීන පොදි ගහන එයා කොහොම මේ දේවල් දරාගන්නද.. අනික ඇත්ත දැනගත්තොත් එයා කොහොමටවත් මං ගන්න තීරණේට මට ඉඩ දෙන්නෙ නැහැ..

මාස අටහමාරක් තිස්සෙ හිත ගලක් කරගෙන මම අපේ දරුවාගෙන් ඈත් වෙලා ඉන්න ගොඩක් උත්සාහ කරාත් එයාගෙ එක පුංචි දැඟලිල්ලක් මං හිත ඇතුළෙ කොනක හිර කරගෙන ඉදපු අප්පච්චි කියන චරිතෙ එලියට ඇදලා ගත්තා..

මගෙ ලේ කැටියෙක් එයාගෙ බඩ ඇතුළෙ පණ ගැහෙනවා දකිද්දී මං කොහොමද දෙයියනේ සතුටු නොවී ඉන්නෙ..

රෑ එයාවත් තුරුලු කරගෙන නින්දට ගිය මට ඇහැරුනේ කවුරුහරි මගෙ නහය මිරිකනවා දැනෙද්දී වෙද්දී නිදිමතේ ඇඳ උඩ වාඩි උන මම ලයිට්ස් ඔන් කරද්දී තේනු ඇඳ උඩ වාඩි වෙලා කොන්ඩෙත් වනාගෙන යකෙක් වගේ මගෙ දිහා බලාගෙන ඉන්න බැල්ම දැකලා ගැස්සිලා ගියා..

"මොකද බබා.. තව ටිකෙන් මගෙ හුස්මත් හිර වෙනවා.."

"මට බඩගිනියි.."

මං ඈනුමක් අරිද්දී එයා කට උල් කරගත්තා.. පාන්දර දෙකහමාරයි.. මහ රෑට මාව ඇහැරවලා කන්න දේවල් ඉල්ලන එක එයාට පුරුද්දක් වෙලා තිබුණාත් වෙනදා එයා ඉල්ලන හැමදෙයක්ම ඉල්ලපු සැනින් ගෙනත් දුන්නාත් අද නම් මං ඉඳියෙ ඇස් දෙක ඇරගෙන ඉන්න බැරිතරමට නිදිමතේ වෙද්දී මම ට්‍රයි කරේ එයාව ආපහු කොහොමහරි කරලා නින්දට යවන්න..

"රෑට කාලා පැය තුන හතරකට වැඩි නෑනෙ බබා.. අපි දැන් නිදාගෙන උ......"

රාවණන් [Completed]✅Tempat cerita menjadi hidup. Temukan sekarang