28📖️

12.2K 1.5K 449
                                    


"තේනු.. මොකක්ද තමුන් මේ නටන නාඩගමේ තේරුම.."

ඒත් එක්කම ඇහුන තාත්තාගෙ කටහඬින් මම කලබලෙන් පිටිපස්ස හැරිලා බලද්දී තාත්තා ගේට් එකත් ඇරගෙන එලියට ආවේ තේව් මගේ අතින් අල්ලගනිද්දී..

"තාත්තා.." කොච්චර කොහොම චණ්ඩියා වගේ කියෙව්වාත් මම තාත්තාට පණ බයයි.. තේරුන දවසෙ ඉදන්ම තාත්තාගෙ පොලිස් නීති එක්ක හැදුන නිසාමද මන්දා තාත්තා මට ⁣ආදරේ කරාත් කේන්ති ගත්තාම යකා වගේ කියලා මං අත්දැකීමෙන්ම දැනගෙන ඉඳියා..

"ඔව් තාත්තා තමයි.. තමුන් මේ කොහෙ ගිහින්ද එන්නෙ.." තාත්තාගෙ ඇස් තිබුණේ එයා අල්ලගෙන ඉන්න මගේ අත ළඟ වෙද්දී මම ඉබේටම තව ටිකක් තේව්ට ලං වුණා..

"මං.. මං මේ..." ආයිෂ් ලැජ්ජාව බාල්දියෙන් එකයි.. මේ මිනිහා මට නෝන්ඩියට හිනා වෙනවා නේද.. මං දීපු පොර ටෝක් වල හැටියට සවලක් තිබ්බා නම් මෙතනම වලක් හාරගන්නවා.. තාත්තා දිහා බලලා මම ආයෙත් අසරණ වෙලා වගේ තේව් දිහා බලද්දී එයා තාත්තා ඉස්සරහාම මගේ නළල උඩ හාදුවක් තිබ්බේ මගේ ඇස් ලොකු වෙද්දී..

"තේනූ..." තේව් කරපු දෙයින් කේන්තිගත්ත තාත්තා සද්දෙන් කෑගහද්දී එයා මගේ නළලෙන් තොල් අහකට ගත්තා..

"මෙහාට වරෙන් තේනූ.. මට ආයෙ කියන්න තියන්න එපා.."

"තාත්තා ම..."

"සද්දෙ අඩු කරලා කතා කරන්න මිස්ටර් වික්‍රමනායක.. මං කැමති නෑ කවුරුත් මගේ තේනුට සද්දෙන් කතා කරනවාට.."

"මගේ තේනු..?? මෙයා කොහොමද අයිසෙ තමුන්ගේ වෙන්නෙ.. මේ මගේ දරුවා.. මම එයාගෙ තාත්තා.. මං එයාට කොහොම කතා කරත් තමුන්ට කිසිම අයිතියක් නෑ ඒක නතර කරන්න.."

"මං කිව්වොත් මට අයිතියක් තියෙනවා කියලා.." තේව් උත්තර දුන්නෙ හරිම සන්සුන් විදිහට..

"අයිතියක්.. කොහෙ තියෙන අයිතියක්ද.. මේ මන්ත්‍රීතුමා මම එකක් හොඳින් කියන්නම් කරුණාකරලා මගේ දරුවාගෙ ජීවිතෙන් ඈත් වෙලා ඉන්නවා.. අපෙ පවුල් දෙක අතර තියෙන ප්‍රශ්න වලට මගෙ දරුවාව විතරක් ඉත්තෙක් කරගන්න හදන්න එපා.."

"මට තේනූ ගැන තියෙන අයිතියෙන් දශමයක්වත් ඔබතුමාට එයා ගැන නෑ කියලා මං වගේම ඔබතුමාගෙ හිතත් හොදටම දන්නවා ඇතිනෙ.. සමහරවිට ඔබතුමාට ඒ ගැන අමතක වෙලා නම් තියෙන්නේ මට ආයෙත් මතක් කරලා දෙන්නත් පුලුවන්.." ⁣තේව් කියපු දෙයින් තාත්තාගෙ ඇස් ගැස්සෙද්දි ඒ දෙන්නා කතා කරන්නෙ මොකක් ගැනද කියලා හිතාගන්න බැරුව මම මාරුවෙන් මාරුවට කුතුහලයෙන් එයාලා දිහා බැලුවා..

රාවණන් [Completed]✅Where stories live. Discover now