"තේව් උඹ මම කියපු වැඩේ බැලුවාද කොල්ලො.." ඒත් එක්කම එයාගෙ අප්පච්චි රූම් එක ඇතුළට එනවා මට ඇහෙද්දී එයා කලබලෙන් මාව නතර කරන්න හැදුවාත් එයා දිහා බලලා ඇහැක් ගහපු මම යටි තොල හපාගෙන එයාගෙ සරම උඩට ඉස්සුවේ මම මේසෙ යට ඉඳන් මොනවා කරත් අප්පච්චිට මාව පේන්නෙ නෑ කියලා දන්න නිසා.. ඉතිං මන්ත්රීතුමෝ දැන් විඳවපාන්..
"අප්....."
"අපෙ ඇමතිතුමා.. මෙන්න මේකට අත්සනක් දාලා දෙන්නකෝ.." සත්යපාලගේ කටහඬ ඇහෙනවාත් එක්කම තේව් කියන්න ගිය දේ නතර කරලා ඉක්මනට මගේ දිහා බැලුවා..
"තේනු එපා.." එයා හඬ බාල කරලා කිව්වෙ එයාගෙ කකුල උඩ තිබුණ මගේ අතින් අල්ලගන්න ගමන්..
"බෑ මට ඕන.." මම කටත් උල් කරන් එයා දිහා බැලුවාත් වැඩේ හරි ගියේ නෑ..
"පිස්සු නම් කෙලින්න හදන්න එපා.. උඹට ලැජ්ජ නැති උනාට මට ලැජ්ජායි.."
"ඒ උනාට ම්හුක්.. ජීවිතේ එක වතාවක් හරි මෙහෙම අත්දැකීමක් ගන්න ඕන ඒයි.. මොකක්ද අනේ අපි දැන් මේවා නොකර හැට පැන්නාම කරන්නද.."
"තේනූ.."
"මට බෑ.."
"හැබැයි උඹ දැන් මම එපා කියන දේ කරොත් නම් තේනු අම්මපා මං අද උඹට අමතක නොවෙන පනිෂ්මන්ට් එකක් දෙනවා.."
"ඕකේ ඩැඩී.." සෙක්සි විදිහට එහෙම කියලා තොලත් හපාගෙන තේව්ට ආයෙත් ඇහැක් ගහපු මම මගේ අත එයාගෙ අතින් ඇදලා ගත්තෙ ඒත් එක්කම සත්යපාලව යවපු එයාගෙ අප්පච්චි රූම් එක ඇතුළට ඇවිත් පුටුවකින් වාඩි වෙද්දී..
"මගේ වැඩේ මොකද.."
"මං තාම ඒක බලන ගමන් අප්පච්චි.."
"බලන ගමන් කියන්නේ උඹ තාම කෝල් එකක්වත් දුන්නෙ නැද්ද.."
"දෙන්න ත.. ආව්ව්.."
"මොකද බං.."
"මු..මුකුත් නෑ අප්පච්චි.."
"ඔය නාකි පිනා කීයටවත් ඔය ඉඩම මට දෙන්නෙ නෑ බං.. ඒත් උඹ ඉල්ලුවොත් මිනිහා නොදී ඉන්නෙ නෑ.. ස්කෝලෙ යන කාලෙ උඹ මිනිහාට සෑහෙන්න කඩේ ගියානෙ බං.. මිනිහාට ළමයිත් නැති එකේ මොකෝ යනකොට ඕක අරගෙන යන්න කියලාද.. උඹ ට්රයි එකක් දීපන් මගේ ගානට වැඩේ කරගන්න.. තව ලක්ෂයක් දෙකක් වැඩි උනාත් කමක් නෑ පර්චස් එකකට.. කොහොමත් මම හිතාගෙන ඉන්නෙ ඔතන බාර් එකක් දාන්න.. මහජනතාවගෙ ඡන්දෙන් මේ පුටුවට ආවා නම් අපි රටට සේවයක් කරන්න එපැයි බං.. හවසට පොඩි අඩියක් ගහලා ගෙදර යද්දී අපේ මිනිස්සුට ප්රශ්න අමතකයි.. සිංදුවක් කියාගෙන ෆුල් ජොලියෙ ඉන්න පුලුවන්.. උනුත් සතුටින් අපිත් සතුටින්.."
BẠN ĐANG ĐỌC
රාවණන් [Completed]✅
Fanfictionමම ද රාවණෙකි ඔබෙ පෙම අභියස🖤 තේව්💞තේනු •ආත්ම බන්ධන කතා පෙළ 1.රාවණන් 2.කාළි 3.අයිඩී (රාවණන් 2) 4.විලන් (කාළි 2)