20📖️

13.8K 1.7K 373
                                    

"තේනූ.."

මගේ අතේ කැපුම ලොකුවට වේදනා නොදුන්නාත් එයා මගේ දිහා ඇස් දෙකත් රතු කරන් බලපු ඒ නපුරු බැල්මට මට බය හිතුණා.. වැරදිලාවත් මම එයාව තවත් කේන්ති ගැස්සුවා ද..

මගේ අත ඇදලා අරන් ලේ ගලන තුවාලෙ දිහා තත්පර කීපයක් බලාගෙන ඉඳපු එයා මට ගහන්න බැරි කමටදෝ කොහේද උදේ මම කාමරෙන් තියපු මල් වාස් එකට අතින් ගැහුවේ ඒක බිම වැටිලා කෑලි කෑලි වලට බිඳිලා යද්දී..

"බලෙන් කසාද බැඳපු නිසා ද තමුසෙ මෙහෙම මගෙන් පලිගන්නේ තේනු.. තමුසෙ දන්නවා මෙහෙම කරාම තමුසෙට වැඩිය රිදෙන්නෙ මට කියලා.." එයා කිව්වේ කේන්තියෙන් අත්මිට මොළවගෙන..

"තේව්.." මම එයාගෙ අතින් අල්ලන්න හැදුවාත් එයා මට ඉඩ දුන්නෙ නැහැ..

"පලයන් යන්න මගේ දෑහැට නොපෙනී.. ගිහින් ඕන එකෙක්ට කියලා බෙහෙත් දාගනින්.. මට පේන්න ඔය තුවාලෙ තියාගෙන ඉදලා මාව මාරයා කරගන්න විතරක් එපා.. උඹ තාම දන්නෙ නෑ මගේ හැටි.."

"අයියේ.."

"මම වතාවක් කිව්වා තේනු.. මගෙන් ගුටි නොකා පලයන් යන්න මෙතනින්.." එයා මාව එලෙව්වා.. සාමාන්‍යයෙන් මම ඉක්මනින් කේන්ති ගන්න කෙනෙක් උනාත් එයා මට නපුරු වෙද්දී මොකක්දෝ හේතුවකට කේන්තියට කලින් මගේ කඳුලු ඉස්සර වුණා.. මට දුකයි.. එයා මගේ තුවාලෙට බෙහෙත් දාන්නෙවත් නැතුව මාව එලෙව්වාම ඇස් වලට උනපු කඳුලු මම අමාරුවෙන් හිර කරගත්තා.. මන්ත්‍රීයාගෙ බොරු ආදරේ.. ආදරෙයි නම් මට ටිකක් බැනලා මගේ අතින් අල්ලගෙන තුවාලෙට බෙහෙත් දාන්න එපැයි.. එහෙමනෙ ෆිල්ම්ස් වලයි කතා වලයි වෙන්නෙ.. ඒත් මේ මිනිහා මට ඕන එකෙක්ට කියලා බෙහෙත් දාගන්න කියලා මාව එලෙව්වා.. එයා ඉස්සරහා අඬන්න බැරිකමට මම අඬන්න මූණ හදාගෙන කාමරෙන් එළියට ආවා..

බිම බලාගෙන ඔහේ ඉස්සරහට ඇවිදගෙන ගියපු මම නතර උනේ කවුදෝ මගේ අතින් ඇදලා අරන් මගේ කම්මුලට ගහද්දී..

චටාස්

එකසැරේටම සිද්ද උන දේ හිතාගන්න බැරි උන මම කම්මුලටත් අත තියන් බලද්දී මගේ ඉස්සරහා හිටගෙන ඉඳියේ තේව්ගෙ අනිත් පුංචිඅම්මා..

රාවණන් [Completed]✅Where stories live. Discover now