50📖️

10.8K 1.4K 476
                                    

"උඹලාට අවුලක් උනේ නෑනෙ.."     

හිරෙන් නිදහස් වෙලා ගෙදර ආපු මගේ කොල්ලො පස් දෙනා හොදින් ඉන්නවාද කියලා මාරුවෙන් මාරුවට බලන ගමන් මම ඇහුවා..

"පාරවල් දෙක තුනක් නෙලුවාට උන්ට අපේ කටින් වචනයක්වත් ගන්න බැරි උනා මන්ත්‍රීතුමා.. අපි මන්ත්‍රීතුමා වෙනුවෙන් පණ උනාත් දෙන්න ලෑස්තියි.."

භයිරව් එහෙම කියද්දී මට දැනුනේ සතුටක් වගේම ආඩම්බරයක්.. වෙන උන් පාරක් දෙකක් නෙලපු ගමන් සේරම වමාරද්දී මගේ උන් දවස් ගානක් රදීෂයාගෙනුයි උගේ කටු කන පොලිස් බල්ලොන්ගෙනුයි ගුටි කාලාත් බොරුවක්වත් කියන්න කට ඇරියේ නැහැ..

"උඹලා තමයි මගේ හයිය බං.. අද මගේ ගානෙ උ......"

"එහාට පල මගෙ මන්ත්‍රීතුමෝ.." මට කතා කරන්න ඉඩ නොදී අපි ළගට ආපු සිරිමලා මාව පැත්තකට තල්ලු කරලා දැම්මා..

"ආ කියපන් මගේ භයිරව් අයියෙ.. ඔයාලා නිදහස් උන සතුටට මම කිරිබත් හැදුවා.."

"උඹේ කිරිබත් කාලා අපිට දවසම ටොයිලට් එකේ ලගින්න වෙයිද දන්නෙ නෑ සිරිමලෝ.."

"අඩෝ ඔව් බං.. කාගෙන් කෑවාත් මුගෙන් කන්න නරකයි.."

"අනේ මේ හසිතයෝ.. උඹටයි මේ නුවනාටයි මං කිව්වායි කියලා හිතාගනින්.. මල කෝලං.. හාහ්.. ඔයා කන්න ඒයි.."

හසිත්ටයි නුවන්ටයි රවපු සිරිමලා කිරිබත් කුට්ටියක් පිටින් භයිරව්ගෙ කටට එබුවේ මම නළලෙ අත ගහගනිද්දි..

"ඔය කොල්ලොන්ට පාඩුවෙ ඉන්න දීපන් යකෝ.. ගෙදර ආපු ගමන් උඹේ ඇට අමු ලුණු නැති කිරිබත් කවලා ඕකුන්ට ඊලගට හොස්පිට්ල් නතර වෙන්න වෙයි දවස් ගානකට.."

"ඇට අමු..?? මම ඔයාට කියන්නේ නෑ ඉතිං.. ඔයාගෙ අර චිංචිමානවිකාව මෙතන ඉදියා නම් ඇට අමු වීම කෙසේ වෙතත් ඇට බෙරි වෙන්නම හොදවයින් දෙක තුනක් අහගන්න තිබුණා.. තෝ මොකද බල්ලෙක් වගේ හොම්බ දික් කරලා ඉව කරන්නෙ.. ඇරපන් කට.."

මටත් කන් වල ඇඟිලි ගහගන්නම කියපු සිරිමලා ඊලගට අජේගෙ කටට කිරිබත් කුට්ටියක් එබුවාම චරිත් ඉක්මනට කිරිබත් කෑල්ලක් පිඟානෙන් අතට ගත්තා..

රාවණන් [Completed]✅Where stories live. Discover now