60📖️

10.3K 1.4K 544
                                    

"හොඳයි එසේ නම් අද දවසේ කිරි කෑමේ තරඟයෙන් ජයඟ්‍රහණය ලබන්නේ වෙන කවුරුත් නෙමෙයි ඔබේ ආදරණීය සදාදරණීය සිරිමල් අයියා.. හැමෝම එකතු වෙලා දෙන්න බලන්න හොඳ අත්පොලොසන් නාදයක්.. ඇටි කෙහෙල් ගිලපු උගුඩුවො වගේ බලාගෙන ඉන්නෙ නැතුව ගහපිය අත්පුඩියක්.. ඇයි යකෝ.. තොපිට ඉරිසියයි මං දිනුවාට.. මයෙ සීදේවි නගෝ මුන්ට ගහන්න කියපන්කො.."

"ආ ඔයා කියන එකක් තමයි සිරිමල් අයියේ.. මං මේ කිරිහට්ටියෙ ඉතුරු ටික කාලා එනකම් පොඩ්ඩක් හිටහන්.."

"හැපූ බොට කිව්වාට වැඩිය හොදයි මගේ කට බිම උලාගත්තා නම්.. ආපු වෙලාවෙ ඉඳන් කනවා කනවා.. මේකි හත් අවුරුද්දකින් කිරි හට්ටියක් දැකලා නැද්ද කොහෙද.. එහෙනම් මා ප්‍රිය ස....  ආ ගහනවා.. අන්න එහෙම.. තව ටිකක් හයියෙන්.."

"ස්තූතියි.. ස්තුතියි.. හැමෝටම ස්තුතියි.. මාව දැක්කාම සාගතේට අහුවෙච්ච එකෙක් වගේ පේන හන්දා තෑග්ගට ලැබුන කිරිහට්ටියයි පැණි බෝතලෙයි මටම තියාගන්න කියලා මට කිරි කවපු ඒ නංගි කිව්වා.. මං හිතන්නෙනංගි ආයෙ ජීවිතේ තියෙනකම් කිරි හට්ටියක් දිහා ඇහැක් ඇරලාවත් බලනකම් නැති වෙයි වගේ.."

"ඊලඟට තියෙන්නේ බිත්තර පාස් කිරීමේ තරඟෙ.. බිත්තරෙ කුඩු නොකර ඉතුරු කරගන්න කපල් එකට තමයි මේ තරඟෙ ජය ලැබෙන්නෙ.. කීපදෙනෙක්ම සිරිමල් අයියාව තෑග්ගට දෙනවා නම් තරඟෙට එනවා කිව්වා කියලා මට අපේ ඕතරී නංගිගෙ පැත්තෙන් ආරංචියක් ආවා.. එහෙම තමයි ඉතිං.. අපි වගේ හැන්ඩ්සම් කොල්ලොන්ට රට හැමතැනම ඉල්ලුම.. දන්නැද්ද.. ඒ උනාට එහෙමයි කියලා උඹලාට මේ සිරිමල් අයියාව නම් ලැබෙන්නේ නෑ.. මාව අයිති මගේ හිත ගත්ත එයාට විතරයි.. තරඟෙන් දිනන එකාට බිත්තරෙයි කිකිළියි තෑග්ග විදිහට ලැබෙනවා.. ඊට අමතරව මේ සිරිමල් අයියාගෙ ගානෙ මෙතන ඉන්න ඕනම කුකුළෙක් ඔයාලාට ගෙදර අරගෙන යන්න පුලුවන්.. මගෙ මන්ත්‍රීතුමා ඇර එයාගෙ වටේ ඉන්න හැමෝම සුපිරි කුකුළො.. ආයෙ වෙන කවුරුත් ඕන නෑ.. ඔය අපෙ ඇමතිතුමා ඉන්නෙ.. එතුමා ආයෙ නියම කුකුළා.. මං කියන්නේ බොරු නම් ම..... අම්මටසිරි.. සමාවෙන්න ඕන මේ කටට බ්‍රේක් නෑනෙ.. ඔහේ කියවෙනවා.........."

රාවණන් [Completed]✅Where stories live. Discover now