මම ඇඬුවා..
එයා හැමදාම භක්තියෙන් අදහපු රාවණගෙ දෙපා පාමුල දණ නමලා අත් එකතු කරපු මම මට දැනෙන හැඟීම් විස්තර කරන්න වචන නැති තැන කඳුලු වලට ඔහේ ගලාගෙන යන්න ඉඩ දුන්නා..
ඔබතුමන්ට ගොඩක් පින් මගෙ ප්‍රාර්ථනාව ඉෂ්ට කරලා දුන්නාට.. මේ ආත්මෙ විතරක් නෙමෙයි උපදින ආත්මයක් ආත්මයක් ගානෙ මං මේ විදිහට ඔබතුමන්ගෙ දෙපා ළඟ වැද වැටෙනවා..
මගේ කම්මුල් දිගේ සතුටු කඳුලු ගලද්දී මගෙ අතක් බඩ උඩ නතර වුණා..
එයා ආයෙත් ඇවිත්.. මගේ පුතූ..
"දෙයියනේ චූටි බේබි.. ඔය මොකද කරන්නෙ දරුවෝ.."
ඒත් එක්කම කාන්තිගෙ කටහඬ ඇහෙද්දී මම එයා දිහා හැරිලා බැලුවාත් කලබලෙන් මගෙ ළඟට දුවගෙන ආපු එයා මාව නැගිට්ටවලා එක්කගෙන ගිහින් ඇඳ උඩින් වාඩි කරා..
"ඇඳට වෙලා එක විදිහකට ඉන්නම බෑ නේද.. බේබි මොනවාහරි කරගත්තොත් මට තමයි මහත්තයාගෙන් බැනුම් අහන්න වෙන්නෙ.."
කාන්ති තේව් ගැන කියද්දී මගෙ හිතට දුකක් දැනුනෙ ඩොක්ටර් මම ආයෙත් ප්‍රෙග්නන්ට් කියපු වෙලාවෙ එයාගෙ මූණ සම්පූර්ණයෙන්ම වෙනස් උන හැටි මතක් වෙලා.. සතුටකට වැඩිය එයාගෙ ඇස් වල තිබුණේ බයක් වෙද්දී එයා මාත් එක්ක වචනයක්වත් කතා නොකර ඩොක්ටර් එක්ක එළියට යන්න ගියා..
"එයා දැන් කොහෙද.."
"ඇමතිතුමාද.."
"ඔව්.."
"දොස්තර මහත්තයාත් එක්ක පහළ ඉන්නවා බේබි.."
"හ්ම්.."
මම කිව්වෙ මූණ ඇද කරගෙන වෙද්දී කාන්ති හිනා වෙලා මගේ ඔලුව අතගෑවා..
"හැමෝම ඉස්සරහා පෙන්නුවෙ නැති උනාට මහත්තයා සතුටින් ඇත්තෙ.. දොස්තර මහත්තයා ගියාම බේබි ළඟට එයි.. දැන් බොරුවට ඕකට මූණ එල්ලගන්නෙ නැතුව ඉන්නකො.."
"හ්ම්.. කාන්ති මට බඩගිනියිනෙ.."
"බේබිට මොනවාද කන්න ඕන.."
"කිරි තේ එකක් එක්ක බිස්කට් ගේන්න.. වෙන මුකුත් කන්න බෑ.."
මම කියද්දී කාන්ති හිනා වුණා..
YOU ARE READING
රාවණන් [Completed]✅
Fanfictionමම ද රාවණෙකි ඔබෙ පෙම අභියස🖤 තේව්💞තේනු •ආත්ම බන්ධන කතා පෙළ 1.රාවණන් 2.කාළි 3.අයිඩී (රාවණන් 2) 4.විලන් (කාළි 2)