33📖️

9.9K 1.4K 352
                                    

⁣එයා ඉඳියේ හුඟාක් කේන්තියෙන්.. හවස මං එයාව දකිද්දී ඇඳගෙන ඉඳපු ඇඳුමෙන්ම ඉඳපු තේව්ගෙ කොණ්ඩෙත් හොඳටම අවුල් වෙලා තිබුනේ හරියට එයා තරහෙන් එයාගෙම කොණ්ඩෙ අවුල් කරගෙන වගේ..

"අනේ පුතේ තාත්තාත් ගෙදර ඉන්නවා.. මොකක්ද ඔයාලා මේ කරන සෙල්ලමේ තේරුම.." දොර ළඟ ඉඳපු තේව් අත්මිට මොලවන් මගේ දිහා බලාගෙන ඉඳිද්දී කලබලෙන් රූම් එක ඇතුළට ආපු අම්මා ඇහුවේ බයෙන් වගේ..

"මම මෙයාව එක්කගෙන යනවා.." අම්මාට එහෙම කියපු එයා මගේ ළඟට ඇවිත් මගේ අතින් ඇඳලා අරන් යන්න යද්දී අම්මා එයාව නතර කරා..

"දැන් රෑ දොළහටත් ළඟයි පුතේ.. මෙහෙම තනියම ය....."

"අම්මා.. මම තේනුගෙ හස්බන්ඩ්.. ඒ නිසා එයා මාත් එන්ක තනියම ඉඳියා කියලා මොකක්ද තියෙන ප්‍රශ්නේ.." තේව් අම්මා දිහා බලලා අහද්දී එයාට දෙන්න උත්තරයක් නැතුව අම්මා නිහඬ වුණා..

"බය නැතුව ඉන්න.. මම එයාව පරිස්සමෙන් බලාගන්නම්.. දැන් යන්න දොර ලොක් කරලා අම්මා ගිහින් නිදාගන්න.." අම්මාගෙ ඔලුව අතගාපු එයා මගේ දිහා බලන්නෙවත් නැතුව මාව ගෙදරින් එලියට ඇදගෙන ආවා.. තාත්තා නිදි ඇති.. එහෙම නොවුනා නම් එහෙම අද මෙතන මොකකින් මොකක් සිද්ද වෙයිද කියන්න දන්නෙ නැහැ.. මට මුරණ්ඩුයි කිව්වාට මොකද මෙයා කේන්ති ගත්තාම මට එහා..

"තේව්.."

"මගේ අත අතාරින්න.."

එයා මගේ අත තද කරලා අල්ලද්දි ඇත්තටම මට ගොඩක් රිදුණා.. හිතලා කරේ නැති උනාත් එයා ඉන්නෙ කේන්තියෙන් කියලා තේරුණාත් මම බොරුවට මගේ හිතම රිද්දවගත්තෙ ඇස් වල කඳුලු පුරවගන්න ගමන්.. ආයෙත් එයා ඉස්සරහා මම පොඩි එකෙක් වගේ වෙනවා නේද කියලාත් ඒ අස්සෙ මට හිතුණා..

"කිව්වාම අහනවා මනුස්සයෝ.. ඔයා මට රිද්දනවා.." ගේට් එකෙන් එලියට ආපු ගමන් සද්දෙන් එහෙම කියපු මම බලෙන්ම වගේ මගේ අත එයාගෙන් නිදහස් කරගත්තේ එයා මගේ දිහා රවලා බලද්දී..

"තමුසෙගෙ අත විතරයි රිදුණේ තේනු.. ඒත් මගේ.. මගේ මෙතන රිදෙන්නෙ.." එයා එයාගෙම ඇඟිල්ලෙන් එයාගෙ පපුවට තට්ටු කරන් කියද්දී මම එයා දිහා ඇහිපිය නොගහා බලාගෙන ඉඳියා..

රාවණන් [Completed]✅Unde poveștirile trăiesc. Descoperă acum