"උඹේ වැඩේ හරිනේ.. එහෙනම් මං ගියා.."
"මේ උඹ අදම ආපහු නුවරඑළියෙ යන්නෙ නෑනේ.."
"තව දවස් දෙක තුනකින් යනවා.. මේකාව මෙහේ තියාගෙන බෑ බං.. පේනවානෙ ආපු පළවෙනි දවසෙම කරපු දේ.. දැන් ගින්න ඇවිලිලා තියෙන නිසා මට අවධානමක් ගන්න බෑ.. රංජි පිස්සු බල්ලෙක් විජේව මරපු එකා හොයනවා.. මෙයාව එයාගෙ අප්පාටම බාර දීලා මම ආයෙත් එන්නම්.. කොහොමත් ඉලෙක්ෂන් ළඟ නිසා මට මාසයක්වත් මෙහේ ඉන්න වෙයි නේ.. මේ වතාවෙ මං අරූව අල්ලගෙනම තමයි නතර වෙන්නෙ.. අනික..."
"අනික මොකක්ද.."
"මේ හැමදෙයක්ම ඉවර කරලා මට එයාව බලන්න යන්න ඕන බං.."
"අවුරුදු විස්සක් ගෙවිලා ගිහින්.. විශ්වාස කරන්නත් බෑ උඹ අවුරුදු විස්සකින් නුවරට පය තියලා නෑ කිව්වාම.."
"හ්ම්.. එයාව මතක් වෙද්දී මට නොසෑහෙන්න රිදෙනවා බං.. ඒ මුලු නුවරම හේෂ්ගෙ මතක වලින් පිරිලා.. හිත හදාගෙන මම කොහොමද එයා එක්ක ගිය පාරවල් වල තනියම යන්නෙ.. මගේ කොල්ලා මොන වරදක් කරාටද බං.. එයා කරපු එකම වරද මට ආදරේ කරපු එක.. එහෙම නොවුනා නම්... එහෙනම් අර ප# බ## එයාව මරන්නෙ නෑ.. එයා අදටත් ජීවත් වෙනවා.. මගේ ඇස් ඉස්සරහාම උන් එයාව මරද්දී මට මුකුත්ම කරගන්න බැරුව බලන් ඉන්න උනා.. උඹ දන්නවා ද ඒක මොන වගේ වේදනාවක් ද කියලා.. එයා මැරෙන්න යන්නෙ කියලා දැන දැනම මගේ දිහා දුකෙන් බලන් සමාවෙන්න කියද්දී මගේ පපුව හිර උනා යකෝ.. මට... මට.. ඌව මරනකම් මගේ හිතට සැනසීමක් නෑ.. ඌ මගේ අත් දෙකෙන්ම ඉවරයක් කරලා දැම්මාට පස්සෙ මට නිදහසේ මැරිලා යන්න පුලුවන්.."
"මොකද උඹට දැන්ම මැරෙන්න ආසාද.. මගෙන් කුණුහරුප අහගන්නෙ නැතුව හිටපන්.. අතීතෙන් එලියට ඇවිත් වර්තමානෙ ජීවත් වෙන්න බලපන්.. ඇයි උඹ විහින් දුකේම ගිලෙන්න හදන්නෙ.. අවුරුදු තිස් අටක් කියන්නෙ මහලොකු වයසක් නෙමෙයිනෙ බං.. උඹට තාම පුලුවන් කසාදයක් කරන් ජීවිතේ පටන්ගන්න.."
"උඹට අමතක උනාද මං කවුද කියලා.. මගේ ජීවිතේට මම කවුරුහරි ලං කරගන්නවා කියන්නේ එයාගෙ ජීවිතෙත් අනතුරේ වැටෙනවා කියන එක.. මේ රටේ කිසිම පාතාලකාරයෙක්ට වැඩි ආයුෂ තිබුණේ නෑ බං.. එක්කො උන් මහපාරක බල්ලො වගේ මැරිලා ගියා.. නැත්නම් පොලිසියෙන් වෙඩි කාලා මැරිලා ගියා.. උඹ හිතන්නෙ මගේ ඉරණමත් ඔයිට වෙනස් එකක් වෙයි කියලාද.. ඒ නැතත් මට ආපහු කාටවත් ආදරේ කරන්න බෑ.. මෙහෙම ජීවත් වෙන්න මට හේෂ්ගෙ මතක විතරක් තිබුණාම හොඳටම ඇති.."
YOU ARE READING
රාවණන් [Completed]✅
Fanfictionමම ද රාවණෙකි ඔබෙ පෙම අභියස🖤 තේව්💞තේනු •ආත්ම බන්ධන කතා පෙළ 1.රාවණන් 2.කාළි 3.අයිඩී (රාවණන් 2) 4.විලන් (කාළි 2)