83📖️

9.7K 1.4K 500
                                    

"ඇයි අයියෙ ඔයා එහෙම අහන්නේ.."

"පළවෙනියටම මට අයියා කියන එක නතර කරනවා.. මම තමුන්ගෙ අයියාවත් වෙන කවුරුත් නෙමෙයි.. තමුන්ට පුලුවන් මට තේනුල්‍ය කියලා කතා කරන්න.."

"තේනුල්‍ය..?? ම්හු.. ඒක දිග වැඩියිනෙ.. මම ඔයාට තේනු කියන්නම්.."

නෙතූ හිනාවෙලා මගේ අතින් අල්ලද්දි මම එයාගෙ අත ගසලා දැම්මා.. මේකි හදන්නේ මගෙ ඇමතියාගෙ අතින් විහින් මැරුම් කන්න.. මෝඩ කෙල්ල..

"තමුන්ගෙ ඔය රඟපෑම දැන්වත් නතර කරනවා.. ඕවාට අහුවෙන්න මං කොණ්ඩෙ බැඳපු චීනෙක් නෙමෙයි හරිද.."

මං කියද්දී කෙල්ලගෙ මූණ ඇද වෙලා ගියා..

"ජනසෙත පත්තරේ නේද වැඩ කරනවා කිව්වෙ.. තමුන් මට මෙහෙම ලං වෙන්න හේතුව වාසලබණ්ඩාර ඇමතිතුමා නම් මට තමුන්ට කියන්න තියෙන්නේ මෙච්චරයි.. වාසලබණ්ඩාර පවුලත් එක්ක මට කිසිම සම්බන්ධයක් නෑ.. ඒ නිසා මගේ පස්සෙන් ඇවිත් බොරුවට කාලෙ නාස්ති කරගන්න එපා.. තමුන්ට දැනගන්න ඕන විස්තර මගෙන් දැනගන්න වෙන්නෙ නෑ.."

බලාගෙන ඉඳිද්දීම කෙල්ලගෙ ඇස් ගැස්සෙද්දි මට තේරුම් ගියා කෙල්ල මගේ පස්සෙන් එන්න හේතුව මම අනුමාන කරපු දේම තමයි කියලා..

"ඒත්.."

"ඒ බං අරූ එනවා.."

යසිත් මගේ උරහිසට අත තියද්දී මම කලබලෙන් වටපිට බලලා ආයෙත් නෙතූ දිහාට හැරුණා..

"දැන් මෙතනින් යනවා.. මෙතන ඉන්න එක අවධානම්.."

"මට ඔයාත් එක්ක කතා කරන්න වැදගත් දෙයක් තියෙනවා තේනුල්‍ය.. ප්ලීස් මට එක විනාඩි පහක් දෙන්න.."

"හෙට උදේ දහයට #### කැෆේ එකට එන්න.. දැන් යන්න.. ඉක්මනට.."

මං කියද්දී මට ඔලුව වනපු නෙතූ එතනින් යන්න ගියා වගේම ඒත් එක්කම ක්ලබ් එක ඇතුළෙ ඉදලා රංජියි උගේ ගෝලයො දෙන්නෙකුයි එළියට එනවා දකිද්දී මං ඉක්මනට මාස්ක් එක දාගෙන උන්ගෙ පැත්තට ඇවිදගෙන ගියේ උවමනාවෙන්ම රංජිගෙ ඇඟේ හැප්පෙන ගමන් වෙද්දී ඌව දකින වාරයක් ගානෙ මගේ හිත කේන්තියෙන් පිරිලා ගියාත් මං ඉවසුවා.. තව ටික දවසයි.. ඉක්මනටම මම උඹට අපායෙ දොර පෙන්නන්නම් රංජි..

රාවණන් [Completed]✅Where stories live. Discover now