අද ගනේෂ් චතුර්ති..
මගේ හදවතේ දෙවියන් රාවණ භක්තියෙන් අදහපු ශිව දෙවියන්ගේ පුත්‍රයා ගනේෂ්ගෙ උපන්දිනය..
විනයාගර්.. එකදන්තන්.. ලම්බොදර්..පුල්ලෙයාර්.. ගණදීපන්.. අනිත් හැම දෙවියෙක්ට වගේම ගණ දෙවියන්ටත් නම් කීපයක්ම තිබුණා..
ඉන්දියාවෙ විතරක් නෙමෙයි මෙහෙත් මහා ඉහළින් ගනේෂ් චතුර්තිය සමරද්දී සීයාගෙ බලකිරීමට මටත් මුන්නේශ්වරම් යන්න සිද්ද වෙලා..
උපතින්ම බුද්ධාගමේ උනාත් බෞද්ධ කතෝලික හින්දු මුස්ලිම් හැම ආගමකටම මං වෙනසක් නැතුව ගරු කරා..
බුදුන්ට වදින අත් එකතු කරලාම මං ජේසුස් වහන්සේ ඉස්සරහා යාඥා කරා වගේම ශිව දෙවියන්ට ගණ දෙවියන්ට වගේම මගේ හදවතේ දෙවියන් රාවණන්ටත් වැඳ වැටුණා..
මිනිස්සු උන අපි හැමෝගෙම ඇඟේ දුවන්නෙ එකම රතු ලේ නම් ඇයි අපිට බැරි ජාති ආගම් වලට බෙදිලා මරාගන්නෙ නැතුව හැමෝටම සමානව සලකන්න..
බහුතරයක් දේශපාලනඥයො රටට ලෝකෙට පේන්න මූනිච්චිවට ඔය හැම ආගමික උත්සවේකටම සහභාගි වෙද්දී මගේම සීයා තාත්තා උනාත් අයිති උනේ ඒ ගොඩට.. ඒ නිසාම වෙන්න ඇති හැමදාම මට හිතුනේ මගේ දේශපාලන දැක්ම එයාලාට වැඩිය ගොඩක් වෙනස් කියලා..
මොකද මට පණ දෙන්න ඕන උනේ මගේ අම්මාගෙ හීනෙට මිසක මගේ සීයාගෙවත් තාත්තාගෙවත් හීන වලට නෙමෙයි..
ඒත් එහෙමයි කියලා මං සීයට සීයක් හොඳ මිනිහෙක් උනෙත් නැහැ..
ඕනම කාසියක දෙපැත්තක් තියෙනවා වගේ මේ රාවණන් ඇතුළෙත් දුෂ්ටයෙක් ජීවත් වුණා..
නෑ ජීවත් වුණා නෙමෙයි ඒ දුෂ්ටයා තාම මගේ ඇඟ ඇතුළේ ජීවත් වෙනවා.. කවදා කොහොම මොනවිදිහකට එයා එලියට එයිද කියන්න මංවත් දන්නෙ නැහැ..
සීගිරි එද්දී මං හිතුවෙම බලෙන්හරි තේනුව අරන් යනවා කියලා උනාත් ඊයේ රෑ ක්වාර්ටස් එකට පැන්නෙ එයාව උස්සන්න කියලා හිතාගෙන උනාත් එයාගෙ ඇස් ඉස්සරහා ජීවිතේ පළවෙනි වතාවට මං අසරණ වුණා..
මොන හේතුවක් නිසාද මන්දා මට එයාට රිද්දන්න හිත හදාගන්න බැරිවෙද්දි එයාගෙ කැමැත්තෙන්ම එයා මගේ ළඟට එනකම් බලාගෙන ඉන්න මං තීරණය කරා..
YOU ARE READING
රාවණන් [Completed]✅
Fanfictionමම ද රාවණෙකි ඔබෙ පෙම අභියස🖤 තේව්💞තේනු •ආත්ම බන්ධන කතා පෙළ 1.රාවණන් 2.කාළි 3.අයිඩී (රාවණන් 2) 4.විලන් (කාළි 2)