11📖️

9.4K 1.4K 522
                                    

"මන්ත්‍රීතුමා OIC රදීශ් ඇවිත් ඉන්නවා.."

භයිරව්ගෙ කටින් පිට උන ඒ වචන කීපෙත් එක්ක මට ඉබේටම තේනු දිහා බැලෙද්දි කලබලෙන් අත සෝදගත්ත එයා පුටුවෙන් නැගිට්ටා..

"තේනු.. ඔහොම නැවතියන්.."

"භයිරව් අල්ලගනින් යකෝ ඕකාව.."

මම මේසෙ අනිත් පැත්තෙ ඉදන් කෑගහනවාත් එක්කම පුටුවත් පෙරලගෙන දුවන්න ගියපු තේනුව භයිරව් අල්ලගත්තා..

"අත්අරිනවා.. මට යන්න දෙ... ම්ම්හ්ම්ම්.. නවා.. අ.. රා.. ම්හ්ම්ම්හ්හ්.. වණන්.." තේනු සද්දෙන් කෑගහන්න පටන්ගත්ත නිසා ඉක්මනටම එයාගෙ කට අතින් වහපු මං පිටිපස්සෙන් ඇවිත් එයාගෙ ඉන වටේ අතක් දාලා පැනලා දුවන්න බැරිවෙන්න එයාව හිර කරලා ඇඟට තෙරපගත්තා..

"අරූව ඇතුළට ගත්තාද.."

"තාම නෑ මන්ත්‍රීතුමා.. ගේට් එක ළඟ ඉන්නවා.. අපේ උන් ඌව නතර කරගෙන.."

"ඌ තනියමද ඇවිත් තියෙන්නේ.."

"ඔව් මන්ත්‍රීතුමා.."

"මං කියනකම් ඕකාව ඇතුළට එවන්න එපා.."

"හරි මන්ත්‍රීතුමා.."

"යසිත්.. උඹ භයිරව් එක්ක ගිහින් බලපන් ඌ මොකටද ඇවිත් තියෙන්නේ කියලා.." මම කිව්වේ සිරිමලා දිහා බලලා වෙද්දී ඌ මොකක්හරි කියන්න කට හැදුවා..

"මේ.. මේකයි මගේ මන්... නෑ මේ මං කිව්වේ මන්ත්‍රීතුමා.."

"තෝ බිත්තර දාන්න කෙකර ගාන කිකිළි වගෙ නැතුව කියපන් මොකක්ද ප්‍රශ්නේ.."

"මං මෙතන කි...."

"කතාකරපන් හු## තෝ මාව මාරයා කරගන්න ද හදන්නේ.." තේනු ම⁣ගෙන් ගැලවිලා අර පොලිස්කාරයා ළඟට යන්න දඟලනවා දකිද්දී මගේ හිතේ ඇති උනේ එසේ මෙසේ කේන්තියක් නෙමෙයි.. ඒ නිසාම තේනු එක්ක ඇති උන කේන්තිය මම සිරිමලා පිටින් පිට කරා..

"සමාවෙන්න මන්ත්‍රීතුමා.. ඇමතිතුමා උදේ කෝල් කරලා මට කිව්වා මන්ත්‍රීතුමාව හම්බවෙන්න පොලිසියේ කෙනෙක් එයි ඒ ගැන බලන්න කියලා.." සිරිමලාගෙ කතාවෙන් මම භයිරව් දිහාට හැරුණාත් ඌත් ඔලුව දෙපැත්තට හෙලෙව්වෙ ඒ ගැන මුකුත් දන්නෙ නෑ කියන්න වගේ..

රාවණන් [Completed]✅Onde histórias criam vida. Descubra agora