"පුතා.."
"අම්මේ.."
මට දුක හිතුන හැම වෙලාවකම මගේ වචනෙක වෙනසින් එයා මාව තේරුම්ගත්තා..
"මොකද උනේ මගේ රත්තරන්.. ඔයා දුකෙන්"
තේව් සම්බන්ධ කාරණා ඉස්සරහා මම ගොඩක් සංවේදී උනා.. වෙලාවකට මට හිතුනා තාමත් මං එයාගෙ ආදරේ තේරුම් අරගෙන නෑ කියලා..
"අම්මාව බය නොකර කතා කරන්නකො පුතේ.."
"එයා අසනීප උනා.."
"එයා කිව්වේ.. අර දරුවාද.."
"හ්ම්.."
"මොකද උනේ ඒ දරුවාට.."
"එයාට මිරිස් කන්න බෑ කියලා නොදැන මම එයාට බලෙන් මිරිස් දාපු උලුඳු වඩේ කැව්වා.."
"දෙයියනේ.. අනේ මන්දා පුතේ ඔයා නම්.. දැන්වත් ටිකක් වගකීමෙන් වැඩ කරන්නකො.. ඒ ඔයාගෙ කසාද මනුස්සයා නේද.. එයා කන නොකන දේවල්වත් ඔයා තාම හරියට දන්නෙ නැද්ද.."
"මම දැනගෙන ඉදියෙ නැ අම්මෙ.. මගෙ තමයි වරද.."
"දැනගෙන ඉදියෙ නෑ කියන්නේ දෙන්නා එක්ක එක ගෙදර දවස් ගනන් ඉඳිද්දී මොනවාද කරේ.."
"ඒ කරපු හැමදෙයක්ම ඔයාට කියන්න බෑනේ ඉතිං.." මං හෙමීට මුමුනද්දී අනිත් පැත්තෙන් අම්මා දිග හුස්මක් පිට කරා..
"දැන් කෝ තේව්.."
"ඩොක්ටර් ළඟට ගියා බෙහෙත් ගන්න.."
"ඉතිං ඔයා ගියේ නැද්ද.."
"එයා එන්න එපා කිව්වා.."
"අනේ මන්දා මට නම් තේරෙන්නෙ නෑ.. මගේ වරද.. කසාදයක් බැදපු දවසට ඔයාට ජීවත් වෙන හැටි උගන්නපු නැති නිසානෙ මේ හැමදෙයක්ම.. එකා කියලා හුරතල් කරා දැන් අර ළමයා දුක් විඳිනවා .. තේව් නිසාම හොඳයි වෙන කෙනෙක් උනා නම් ඔයා ගුටිත් කාලා.."
"මට ගහන්න... හීනෙන් තමයි.. අම්මාට අමතක උනාද මම CID ඔෆිසර් කෙනෙක් කියලා.."
"අනේ අනේ මේ ඔයාගෙ බොරු පම්පෝරිය තියාගෙන පාඩුවේ ඉන්න.. මම දැක්කානෙ එදා තේව්ට බයේ දඟලපු හැටි.."
"හරි ඉතිං.. එයා ටිකක් සද්දෙන් කතා කරාම බයවෙන එක වෙනම දෙයක්.. ඒක මෙතනට අදාල නෑනෙ.." මම ඇඟිල්ලකින් ෂටර් එක පුරා බලිකුරුටු ඇන්දා..
YOU ARE READING
රාවණන් [Completed]✅
Fanfictionමම ද රාවණෙකි ඔබෙ පෙම අභියස🖤 තේව්💞තේනු •ආත්ම බන්ධන කතා පෙළ 1.රාවණන් 2.කාළි 3.අයිඩී (රාවණන් 2) 4.විලන් (කාළි 2)