21📖️

14.7K 1.6K 615
                                    

"තේව්.."

"කියන්න වස්තුව.. මොකක්ද ප්‍රශ්නේ.." එයා පොතේ පිටු පෙරලලා බලන ගමන් මගේ ළඟට ඇවිදගෙන එද්දී මම පියවරෙන් පියවර පස්සට ගියාත් මගේ දණහිස පිටිපස්ස ඇඳේ වැදිලා මාව ඇඳ උඩට ඇදගෙන වැටුණා.. ඒත් එක්කම සෙරෙප්පු දෙක ගලවලා දාපු මම කකුල් ඇඳ උඩට ගනිද්දී එයාගෙ ඇස් නතර වෙලා තිබුණේ එකම එක කැලලක්වත් නැති මගේ නිරුවත් සුදු කකුල් ළඟ..

"ඔයා.. ඔයා මොකක්ද කරන්න හදන්නේ.." හිතට චකිතයක් දැනෙද්දී මම ඇඳ දිගේ පස්සට ගියාත් අතේ තිබුණ පොත පැත්තකට විසි කරලා දාපු එයා මගේ කකුලකින් ඇදලා ළඟට ගත්තෙ මම බයෙන් වගේ එයා දිහා බලද්දී.. බයක් කිව්වාට ඒක බයක්මත් නෙමෙයි.. කලින් මෙහෙම අත්දැකීමක් නැති නිසා හිතට දැනුනෙ ආසවත් එක්ක මුසු වෙච්ච අමුතු චකිතයක්..

එයා මගේ කකුලක් උඩට උස්සලා අරන් ඇඟිලි උඩ හාදුවක් තියද්දී මම ඇඳ රෙද්ද මිරිකගත්තා.. එහෙම්මම කකුලේ ඇඟිලි වලින් පටන්ගෙන හෙමීට අත උඩට අරගෙන ආපු එයා මගේ කලවා මිරිකද්දී ම⁣ගේ කටින් ඉබේටම කෙඳිරියක් පිට වුණා..

"ආර්හ්.."

මගේ ඉන දෙපැත්තෙන් තද කරලා උස්සලා වගේ මාව එහාට කරපු එයා මගේ කකුල් මෑත් කරලා ඇඟ උඩට එද්දී මම ආයෙත් කෙඳිරි ගෑවෙයි කියන බයටම යටි තොල හපාගෙන එයා දිහා බලාගෙන ඉඳියා.. මොකද මගේ ඉන දෙපැත්ත කියන්නේ මගේ ඇඟේ හුගාක්ම සංවේදී තැන් වලින් එකක්..

"තේව් ඔ...."

"ෂ්.." මම කතා කරන්න හැදුවාත් එයා මගේ තොල් උඩ ඇඟිල්ලක් තියලා මාව නතර කරා..

"මෙච්චර දවසක් මම බලාගෙන ඉඳියා තේනු.. ඒත් අදින් පස්සෙ නම් මම උඹ ඉස්සරහා ඉවසන එකක් නෑ.." මගේ කනට ලංවෙලා කොඳුරපු එයා මගේ නළල උඩ හාදුවක් තිබ්බේ එයාගෙ හුස්ම මගේ ඇඟේ දැවටිලා මාවත් උණුසුම් වෙලා යද්දී.. එයා නළල උඩ තියපු ඒ හාදුව මට ලොකු ආරක්ෂාවක් ආදරයක් අරගෙන එද්දී මම ඇඳ රෙද්ද මිරිකගෙන ඉදපු අත් අතෑරලා එයාගෙ බෙල්ල වටේ දාගත්තෙ ඔලුව උස්සලා එයාගෙ කනට ලංවෙන ගමන්..

"ඩූ ඉට්.."

මම සෙක්සි විදිහට එයාගෙ කනට කොඳුරද්දී තේව් ෂොක් උනාත් ඊලග තත්පරේ එයාව ඇඳ උඩ පෙරලගත්ත මම එයාගෙ ඇඟ උඩට ආවා..

රාවණන් [Completed]✅Where stories live. Discover now