"බබා ඔයා මගේ ෆෝන් එක දැක්කාද.."
එයා කතා කරනවා ඇහුනාත් මම ඇහුනේ නැති විදිහට බිම බලාගෙන ඇඟිල්ලෙන් ටයිල් පොලවේ චිත්ර ඇන්ඳා.. දවස් ගානක් එයා ළඟ ඉඳලා මෙහෙම යන්න යද්දී මගේ හිතට අමුතුයි වගේ..
වෙලාවකට හිතෙනවා අපේ ජීවිතෙත් හරියට චිත්ර පොතක් වගේ කියලා.. පොතේ තියෙන හිස් පිටු වල අපි කැමති විදිහට චිත්රයක් ඇදලා අපි කැමති පාටින් පාට කරනවා වගේ අපේ ජීවිත කතාවත් අපි අපිට කැමති විදිහට ලියලා අපිට කැමති හැඟීම් අපි විඳගන්නවා..
"තේනු ඔ...." ඇඳ උඩ වාඩි වෙලා කම්මුල් දෙකට අත් තියාගෙන කටත් උල් කරන් ඉදපු මාව දැකලා එයා කියන්න ගිය දේ නතර කරගත්තා..
"දැන් මොකද මේ මූණ එල්ලගෙන ඉන්නෙ ම්.." මගේ ළඟට ඇවිදගෙන ආපු එයා ඇහුවේ මගේ ඉස්සරහා බිම වාඩි වෙන ගමන්..
"මුකුත් නෑ.." මං උත්තර දුන්නෙ එයා දිහා බලන්නෙ නැතුව..
"මගේ හුරතලේ.. තාම පොඩි එකා වගේ.." මගේ අත් උඩින්ම අත් තියපු එයා හිනාවෙලා හිස්මුදුන උඩ හාදුවක් තිබ්බා වගේම මගේ කකුල් වලට මේස් දාලා ෂූස් දෙකත් දැම්මේ මම එයාට කැමැත්තක් කරන්න ඉඩ දෙද්දී..
"සුදු මැණික.. කෝ මෙහේ බලන්නකෝ.."
එයා මෙච්චර ආදරෙන් කතා කරද්දී තවත් එයා දිහා නොබලා ඉන්න බැරිකමටම මම ඔලුව ඉස්සුවේ ඇස් වල කඳුලු පුරවන්.. අනේ මට එයා නැතුව ඉන්න බෑනේ.. ඇයි එයාට ඒක තේරෙන්නෙ නැත්තෙ..
"අඬන්න නම් තියාගන්න එපා බබා.. ඔය ඉතිං මගෙන් හිල්වෙන්න ටොක්කක් කන්න තමයි හදන්නේ.."
"නපුරා.."
"ඔයා ඔහොම ඉඳිද්දී මට හිතෙන්නේ මං නැතුව ඉන්න වෙන දුකට ඔයා ඇස් වල කඳුලු පුරවගෙන ඉන්නවා කියලා.."
"තමුසෙට දුක නැති උනාට මට දුකයිනෙ මිනිහෝ.. ඇහුවොත් ආදරෙයිලු ඒ උනාට දැන්.. දැන්.... මට තමුසෙව ඕන නෑ.. මං තමුසෙව ඩිවෝස් කරලා අර පොල්මලාව බැඳගන්නවා.."
"ඔව් ඒකත් නරකම නෑ.. දෙන්නත් එක්ක කොහෙන්හරි වාඩි වෙලා කිඹුලා බනිස් කකා ඉන්න පුලුවන්නේ.." එයා සද්දෙන් හිනාවෙද්දී දුක හිතුන මම එයාගෙ අත් තල්ලු කරලා දාලා අඬන්න ගත්තා..
YOU ARE READING
රාවණන් [Completed]✅
Fanfictionමම ද රාවණෙකි ඔබෙ පෙම අභියස🖤 තේව්💞තේනු •ආත්ම බන්ධන කතා පෙළ 1.රාවණන් 2.කාළි 3.අයිඩී (රාවණන් 2) 4.විලන් (කාළි 2)