74📖️

6.3K 1.1K 319
                                    

"මැරෙන්නද අයිසෙ හදන්නේ.."

"සොරි.."

"උඹලා වගේ උන් නිසා තමයි අහිංසක දරු පවුල්කාරයොත් අමාරුවෙ වැටෙන්නෙ.. මැරෙන්න ඕන නම් තනියම මැරියන් අපිට පව් පුරවන්නෙ නැතුව.."

ඉස්සරහින් ආපු බයික් එකේ මනුස්සයා මට බැනගෙන යන්න යද්දී මම පාර අයිනට කරලා කාර් එක නතර කරා.. එක දිගට පැය තුනකට කිට්ටු වෙන්න ඩ්‍රයිව් කරලා මහන්සියට ඕන නම් මට තත්පර ගානකට ඇස් පියවෙන්න ඇති.. ඒත් එක තත්පරයක් උනාත් ජීවිතයක් උදුරගන්න ඇති හන්දා ඒ මනුස්සයාගෙ කේන්තිය ඉස්සරහා වචනයක්වත් කියන්න මට හිත දුන්නෙ නැහැ..

ෂීට් එකට ඔලුව තියාගත්ත මම අත් දෙකෙන්ම මූණ වහගත්තා.. උඹ වැටුනොත් අල්ලගන්න දැන් උඹට කවුරුත් නෑ තේනු.. ඒ නිසා දරාගනින්.. උඹ වෙනුවෙන් බැරි නම් ඔය දරුවා වෙනුවෙන්වත් ඉවසපන්..

අපි අතරමං වෙන්නෙ අපිම තෝරගන්න පාරවල් වල වෙද්දී මට කාටවත් දොස් කියන්න අයිතියක් නෑ.. අඩුම තරමින් තේව්ටවත්.. එයාට ආදරේ කරන්න තීරණේ කරේ මං මිසක් එයා බලෙන් මට එයාට ආදරේ කරන්න කිව්වෙ නැහැනේ.. එයා හැමදාම කිව්වේ එයාගෙ ආදරේ අපි දෙන්නාටම ඇති කියලා..

ඒත් අද.... අද.....

"ආයිෂ්.. දැන් ඇති තේනු.. අතීතෙ අමතක කරලා අනාගතේ ගැන හිතපන්.."

මං මගේ හිතට තරවටු කරගන්නවාත් එක්කම මගේ බඩ කෑගහන්න පටන්ගත්තා..

"මගේ පැටියාට බඩගිනියිද.."

මූණට හිනාවක් ⁣එද්දි හෙමීට බඩ අතගාපු මම වටපිට බැලුවා.. මගේ වෙලාවටද මන්දා එතනම ඉස්සරහා පොඩි කෑම කඩයක් තියෙනවා දකිද්දී කාර් එකෙන් බැහපු මං හෙමිට එතනට ඇවිදගෙන ගියා.. අද නම් වහින්න වගේ.. වැස්සට කලින් ක්වාර්ටස් එකට යාගන්න පුලුවන් උනොත් හොඳයි..

"මොනවාද මහත්තයො බැලුවේ.."

පොඩි මේසයක් එක්ක පුටු දෙකක් විතරක් තිබුණ ඒ කඩේ ඉඳියේ කිරිඅත්තාගෙ වයසෙ විතර අත්තම්මා කෙනෙක් වෙද්දී කහට බැදුන දත් පෙන්නලා ඒ මනුස්සයා කටපුරා මාත් එක්ක හිනා වුණා..

"මේ කෑම ජාති අත්තම්මා ගෙදර හදපුවා ද.."

"මයෙ කෙල්ල තමයි ඉතිං ඕවා හදන්නේ.. ඒකි කෑම හදනවා.. මං කඩේ තියන් විකුණනවා.."

රාවණන් [Completed]✅Opowieści tętniące życiem. Odkryj je teraz