13📖️

13.1K 1.7K 524
                                    

ෂර්ට් එකක්වත් නැතුව සරම පිටින් ඇඳේ නිදාගෙන ඉන්න තේව් දිහා බලපු මගේ ඇස් එකසැරේටම නතර වුනේ එයාගෙ ෆෝන් එක ළඟ.. එකවතාවක් මට එයාගෙ ෆෝන් එක ම⁣ගේ අතට ගන්න පුලුවන් උනා නම්.. එහෙනම් අපි ප්ලෑන් කරපු හැමදෙයක්ම ලේසියෙන් ඉවරයක් කරගන්න පුලුවන් වෙනවා..

කාමරේ දොර වහපු මම සද්දෙ ඇහෙන්නෙ නැතිවෙන්න හෙමින් සැරේ අඩි තියලා එයා ළඟට ඇවිදගෙන ගියා..

⁣මේකා ඇත්තටම නිදිද නැත්නම් නිදි වගේ රඟපානවාද..

එයාගෙ මූණට එබිලා බලපු මම දෙතුන් සැරයක්ම මගේ අත එයාගෙ මූණ ඉස්සරහින් එහා මෙහා අරගෙන ගියේ මගේ හිතේ සැකේ නැති කරගන්න හිතාගෙන වෙද්දී එයා නිදි කියලා තේරුන නිසාම මම එයාගෙ ඇඟට උඩින් අත දාල ඇඳ උඩ තිබුණ ෆෝන් එක ගන්න ගියාත් එකසැරේටම මගේ අත ශක්තිමත් අතකට හිර වුණා..

"අනුන්ගෙ ෆෝන් හොරාට ගන්න එක නරක පුරුද්දක් කියලා මගේ මැණිකට කවුරුත් කියලා දීලා නැද්ද.." ඇස් පියාගෙනම ගැඹුරු කටහඬකින් එයා අහද්දී මට ඉබේටම කෙළ ගිලුනා.. ඉවරයි තේනුවෝ.. උඹ රාවණයාගෙ අතටම මාට්ටු උනා..

"අ.. මේ.. කවුද.. කවුද ෆෝන් එක ගන්න ආවේ.. මං මේ මදුරුවෙක් එලෙව්වා.. මේ දවස් වල හරියට ඩෙංගු අනේ.. වැරදිලාවත් ඔයා අසනීප උනොත් එහෙම මට යන කලදසාවක් නැති වෙනවානෙ.. ෂුහ්.. ඔහේ හිටු හොර මදුරුවා.. මම අද උඹගෙන් බාබකියු හදනවා.."

"ඇත්තට.. උඹ එච්චරටම මං ගැන වද වෙනවාද වස්තුව.." එයා ඇහිබැමක් උඩට උස්සලා අහද්දී මම මගේ අත එයාගෙන් ගලවගන්න දඟලන ගමන් දත් තිස් දෙකම විරිත්තලා හිනා වුණා.. මුගේ ආච්චිට.. මේ අත පය යකඩ වලින්ද දන්නෙ නෑ හදලා තියෙන්නෙ..

"අහ්ම්.. කවුද තමුසෙ ගැන වද උනේ.. පිස්සු හු##.. මට වෙන වැ.... ආව්ව්.. අතාරිනවා.. මොකක්ද කරන්නෙ.." එයා මාව එයාගෙ ඇඟ උඩට ඇදලා අරන් මගේ ඉන වටේ අතක් දාගනිද්දී මම එයාගෙන් ගැලවෙන්න දැඟලුවා..

"කාට කතා කරන්නද මගේ ෆෝන් එක ගන්න හැදුවේ.."

"පිස්සු ද මිනිහෝ.. මම කාටවත් කතා කරන්න හැදුවේ නැහැ.. අතෑරපන්කො රෙද්ද.. තමුසෙ යටට ඇඳලාත් නෑ.. ඔය තමුසෙගෙ මෙව්වා එක මෝල් ගහක් වගේ මගේ කකුලෙ වදිනවා.." මම නොරිස්සුමෙන් වගේ කියද්දී ඇස් ඇරලා මගේ දිහා බලපු එයා කට කොනකින් හිනා වුණා..

රාවණන් [Completed]✅Where stories live. Discover now