77📖️

6.9K 1.1K 361
                                    

"ගුඩ්මෝනින් සීයාතාත්තා.."

තාමත් බාගෙට නිදාගෙන ඉදපු මම පඩිපෙළ බැහැලා ඇවිත් සාලෙ වාඩි වෙලා පත්තරේ බලන සීයාගෙ උරහිසෙ ඔලුව තියාගත්තා..

"ආ ඉළන්දාරියාට නැගිටින්න මතක් උනාද.. ගුඩ්මෝනින්.."

අතේ තිබුණ පත්තරේ නවලා පැත්තකින් තියපු සීයා කියද්දී මම ඇස් පියාගෙන එයාගෙ අත බදාගත්තා..

"තාම දොයි.."

සීයා හිනාවෙන සද්දෙ වගේම එයාගෙ තොල් මගේ නළල උඩ නතර වෙනවා දැනෙද්දී මගේ මූණට හිනාවක් ආවා වගේම මං තව එයාගෙ උණුසුමට ගුලි වුණා.. මාස හයකට කලින් මේ ගෙදරට අමුත්තෙක් වගේ ආපු මට අද මේ ගෙදර මගේම වගේ දැනෙද්දී අයියලා දෙන්නාට තරම්ම මං සීයාටත් ලං වෙලා ඉඳියා..

මගේ සීයාගෙයි⁣ තේව්ගෙ සීයාගෙයි තරහාව මොන හේතුවක් උඩ ඇති උනාත් මට හොඳටම විශ්වාසයි මගේ සීයා වරදක් කරලා නෑ කියලා.. පිටින් බලන කෙනෙකුට නපුරු දරදඬු චරිතයක් වගේ පෙනුනාත් සීයාගෙන් මං දැක්කෙ මාවමයි.. එයා තරුණ කාලෙ මං වගේම වෙන්න ඇති..

"දම්මි.. මගේ තේ එක ගේන්න.."

ඒත් එක්කම අප්පච්චිගෙ කටහඬ ඇහෙද්දී මම එක ඇහැක් ඇරලා හොරෙන් එයා දිහා බැලුවා.. මෙයාත් තේව් වගේම.. සුදු සරමට සුදු කමිසෙ ඇඳලා මූණේ හිනා පොදක්.. සේරම මැතිඇමතිලා මෙහෙමද දන්නෙ නෑ.. මට තාමත් එයාට අප්පච්චි කියලා කතා කරන එක නුහුරුයි වගේ..

ඇත්තම කිව්වොත් මට මගේ අම්මා තාත්තාගෙ තැන වෙන දෙන්නෙක්ට දෙන්න ඕන උනේ නැහැ.. ඒත් මේ මගේම ලොකුඅම්මායි ලොකුතාත්තායි නිසා අයියලාට මාව එයාලාගෙ පවුලෙ කොටසක් කරගන්න ඕන උන හන්දා හැමෝගෙම ඉල්ලීමට මට බෑ කියන්න බැරි වුණා..

"මෙයා මොකද මෙතන නිදි.. නිදිමත නම් යන්න රූම් එකට.."

අප්පච්චි කියනවා ඇහුනාත් මම ඇස් දෙක පියන් ඉඳියෙ මට නෙමෙයි ගානට.. මුලදී හිතුවාත් එයා මට කැමති නෑ කියලා සිද්ද උන හැමදෙයක්ම නිසා මං තේරුම්ගත්තා එයාත් පිටින් පෙන්නනවාට වැඩිය වෙනස් කියලා.. මුල් දවස් වල මට නිදහසේ ඇස් පිය උනේවත් නෑ.. නිදාගන්න හැම රෑකම මම හීනෙන් බය වෙනවා.. නැත්නම් අඬනවා.. ඒ ගොඩක් දවසට අප්පච්චි තමයි ඇවිත් මාව තුරුලු කරන් ඉන්නෙ.. සමහර දවස් තිබුණා එයා එක තත්පරේකට ඇස් පිය⁣වන්නෙ නැතුව මගේ ළඟට වෙලා ඉඳපු.. මොකටද කියන්න නොදන්නවා උනාත් ඒ හැමදාකම එයා මගේ ඔලුව අත ගගා මගෙන් සමාව ඉල්ලුවා.. ආයෙ කවදාවත් මාව තනි කරන්නෙ නැහැ කිව්වා..

රාවණන් [Completed]✅Dove le storie prendono vita. Scoprilo ora