104📖️

10.7K 1.3K 374
                                    

කෙනෙක්ගෙ දෙවනි උපත කසාදෙ කියලා කිව්වාට මං නම් හිතන්නේ මනුස්සයෙක්ගෙ දෙවනි උපත හරි විදිහටම සිද්ද වෙන්නෙ එයාලා හා හා පුරා කියලා අම්මා අප්පච්චිලා වෙන දවසෙදී.. තිවේන් අපි ළඟට ආපු විදිහ මට තවමත් හීනයක් වගේ..

එදා පඩිපෙලෙන් පහලට වැටෙද්දී මං බය උනේ නෑ කියලා කිව්වොත් ඒක බොරුවක්.. මාව නැතත් පුතූව හරි බේරගන්න කියලා තේව්ට කිව්වාට මොකද එයාලා දෙන්නාව තනිකරලා යන්න වෙයි කියලා හිතින් මං නොමැරි මැරුණා.. කවුද කැමති මාස ගානක් තිස්සේ ප්‍රාර්ථනා පොදි බැඳගෙන ඉඳලා මේ ලෝකෙට ගේන දරු පැටියාව එයාගෙ අප්පච්චි ළඟ තනි කරලා සදහටම ඇස් පියාගන්න..

"මගේ චූටි පුතූ.."

තේව් පුතූව තුරුලු කරන් ඇඳේ නිදාගෙන ඉන්නවා දැකපු මගෙ මූණට ආවෙ හිනාවක් වෙද්දී මං සද්ද නොකර එයාලා ළඟට ගිහින් ඇඳ කොනෙන් වාඩි වෙලා පුතූගෙ කම්මුලකට හාදුවක් තිබ්බා..

"පුතාට විතරද අප්පච්චිට නැද්ද.."

ඒත් එක්කම ඇහුන එයාගෙ කටහඬෙන් මම තේව් දිහා බලද්දී එයා ඉඳියේ බාගෙට ඇස් ඇරන් වෙද්දී මම පහත් වෙලා එයාගෙ කම්මුලටත් හාදුවක් දුන්නා..

"ගුඩ්මෝනින්.."

"ම්.. මෝනින්.."

මට ගුඩ්මෝනින් කියපු එයා ඈනුමක් ඇරලා එහෙම්ම පුතූගෙ කම්මුලත් අතගාලා මගේ පැත්තට පෙරලිලා මගෙ උකුළ උඩින් ඔලුව තියාගත්තෙ මගෙ බඩේ මූණ හංගගන්න ගමන්..

"අද ඔයා ගෙදරද.."

පුතූ ලැබිලා සති දෙකකුත් ගිහින් තියෙද්දී මුලු දවසම ගෙදර ඉන්න තරම් තේව්ට නිවාඩුවක් තිබුණෙ නෑ.. ඒත් ගෙදර ආපු වෙලාවෙ ඉදන් රෑ නිදාගන්න යනකන්ම එයා කරේ පුතූව හුරතල් කරන එක විතරයි.. සමහර දවස් තිබුණා එයා පුතු දිහා බලාගෙනම කල්පනා කරා මිසක මගේ දිහා හැරිලාවත් නොබලන.. අනේ මන්දා එයා වෙලාවකට හැසිරුනෙ ⁣මට මූණ දෙන්න බැරිතරම් ලොකු වරදක් කරපු කෙනෙක් වගේ.. ඒත් මම දන්නවානෙ මගෙ තේව් එහෙම කෙනෙක් නෙමෙයි කියලා.. සමහරවිට මේ මම මගේ හිතින් මවාගත්ත දෙයක් වෙන්න ඇති..

"හ්ම්.."

"ඒ මො... ආව්.. මොකද කරන්නෙ.."

ඇඳගෙන ඉඳපු ටී ෂර්ට් එක උස්සලා එයා මගේ පපුව හපද්දි මං එයාගෙ අතට ගැහුවා..

රාවණන් [Completed]✅Where stories live. Discover now