"රෂ් ඇතී.."
"ඇයි ඇයි මොකද ආ.. මට හොරෙන් තමුසෙට මගුල් නටන්න හොදයි.. ඒවා කියද්දී සෑහෙන්න අමාරුයිනේ.."
"කවුද බං මගුල් නැටුවේ.. ඒක ඔට්ටුවක් විතරයි බබා.."
"අනේ මේ මට කියලා හොඳම එකෙන් අමතගන්නෙ නැතුව කට පියාගෙන ඉන්නවා ද.."
හැමෝම ඉස්සරහා මම තේව්ට රව රවා කේන්තියෙන් බැන්නා.. කේන්තියකටත් වැඩිය මගේ හිතේ තිබුණේ ඉරිසියාවක්.. යාලුවෝ එක්ක ඔට්ටුවක් ඇල්ලුවා කියලා එයා මොකටද ඒ ගෑනිට ලියුමක් දෙන්න ගියේ.. එහෙම ඕන නෑනේ.. නෑනෙ මං අහන්නෙ.. මගෙ මිනිහා මගේ විතරනෙ..
"රෂ්.. මෙයා දැන් මාත් එක්ක තරහා උනොත් දැනගනින් මම උඹේ බෙල්ල තමයි මිරිකන්නෙ හරිද.. උඹලාට ඕන නැති මගුලක් නෑ.. අවුරුදු දොලහක් විතර පරණ කුණු අදිනවා.."
"අවුරුදු ගානත් මතකයි නේද.."
මම ආයෙත් එයාට රැව්වා..
"බබා අහන්නකො.."
"නෑ මට අහන්න ඕන නෑ.. මොකක්ද ඔය ටීචර්ගෙ නම.."
"සරනි තිෂායා ඒකනායක.."
ටීචර්ගෙ නම මොකක්ද කියලා ඇහුවාත් ඇත්තටම එයාට නම මතක ඇති කියලා නොහිතපු නිසාම මගේ ඇස් ලොකු වෙද්දී එයා ඉක්මනට මගේ ඇස් මග ඇරලා අහක බලාගත්තෙ වැඩේ වැරදුනා කියලා තේරුම් යද්දී..
"අඩෝ උඹට ටීචර්ගෙ නමත් මතකද බං.. මම මේ නම මතක් කර කර ඉදියේ.. මට ඇත්ත කියපන්.. අපිට නොකිව්වාට උඹ අපි දාපු ඔට්ටුව සීරියස් අරන් ටීචර්ට ලව් කරාද.."
"තොට පිස්සුද හු##.. අනික මම ද ලියුම ලිව්වෙ තෝයි අර විෂාලයයිනෙ.. මම කරේ ඒක ටීචර්ට දීපු එක විතරයි.."
"ඒ උනාට මගෙ මන්ත්‍රීතුමා අපෙ ටීචර් නම් ඔයාට සිරා ලව් කරා ඒයි.. පව් අනේ ටීචර් කෙල්ල.. බලන්න එපැයි මගෙ මන්ත්‍රීතුමාව දැක්කාම එයාගෙ මූණ දිලිසෙන හැටි.."
සිරිමලාත් ඇවිලෙන ගින්නට පිදුරු දාද්දී මම තරහින් පුපුරන්න ලං වෙලා ඉඳියා.. ඉවසපන් තේනුවෝ ඉවසන්.. දහයයි නමයයි අටයි හතයි හයයි.......
"උඹට කියන්න මල්ලී මූ ඉස්කොලෙ ආපු නැති දවසට ටීචර්ගෙ මූණ ඇද උන සත පහේ කාසිය වගේ වෙනවා.. ඇයි තව වැඩක් දන්නවාද.. මූ ටීචට ඇහැක් ගහලා ඔය කට කොනේ හිනාව එහෙම දාලා හැමදාම ඉන්ටවර්ල් එකට අපි සෙට් එකටම කැන්ටිමෙන් කිඹුලා බනිසුයි කිරි පැකටුයි අරන් ඉල්ලවගන්නවා.."
YOU ARE READING
රාවණන් [Completed]✅
Fanfictionමම ද රාවණෙකි ඔබෙ පෙම අභියස🖤 තේව්💞තේනු •ආත්ම බන්ධන කතා පෙළ 1.රාවණන් 2.කාළි 3.අයිඩී (රාවණන් 2) 4.විලන් (කාළි 2)