30📖️

10.5K 1.2K 500
                                    

ක්‍රිස්තු පූර්ව තුන්දහස් හාරසීය ඉන්දියාවේ ඉන්ද්‍රපස්ත....

ගෙල පිටුපස සිට පිටදිගේ පල්ලම් බසමින් දුර්වර්ණව තිබූ හැට්ටය තෙත් කල දා බිඳු වල තෙත් බව ඇයට ගෙන ආවේ දැඩි අපහසුවක්.. ඉදිරියට නෙරා විත් තිබූ නවමසකට ආසන්න වූ තම කුස මත අතක් තබමින් ඇය අපහසුවෙන්ම තම ඉනෙහි වූ රෙදිකඩ ගෙන කන දෙපස වූ දා බිඳු පිසදමන්නට වුණා..

බොහෝ කලකින් මේ පොළවට වැසි වැටී නොමැති බව වැලි මුසු වූ දුහුවිල්ලෙන් වැසීගත් පස මෙන්ම කොළ හැලී වියලී ගිය ගහකොළමනාව කියා පෑවා.. ඉර මුදුන්ව ඇති බැවින් යාන්තමින් හමා ගිය සුළඟෙන් වුවද ගතට කිසිදු සුවදායක බවක් ගෙන ආවේ නැති වුවත් වැඩුනු සවිමත් පිරිමියෙක්ට පවා දරාගැන්මට අපහසු වූ මේ අව් රශ්මියද නොතකා ඇය දරකෝටු මිටි බඳින්නට වූයේ එය විකුනා කුසගිනි නිවා ගැන්මට කාසි කිහිපයක් සොයා ගැනීමේ අදහසින්..

නමින් දේවී වූ ඇය තවමත් දහඅට හැවිරිදි වියෙහි පසු වූ රූමත් තරුණියක්.. ඉන්ද්‍රපස්තයේ ගුරු විශ්‍රවස්ගෙ ආශ්‍රමය ආසන්නයේ ග්‍රාමයක තම මිත්තණිය හා දිවි ගෙවූ ඇයගේ දෙමාපියන් ඇයට අහිමි වූයේ ඇය බොහෝ ලාබාල අවදියේමයි.. දෙමාපියන් අහිමි වුවත් මිත්තණියගෙ අපරිමිත සෙනෙහස හමුවේ ඇයටඅඩුව නොදැනුනා සේම අහිංසක මුත් දඟකාර දැරිවියක් වූ බැවින් ගමෙහි සැවොම ඇයට සෙනෙහස දක්වන්නට වුණා..

රාවණන් [Completed]✅Onde histórias criam vida. Descubra agora