ඔලුව පිටිපස්සට වැදුන පොලු පාර මගේ මුලු ඇඟම පණ නැති කරලා දාද්දී අත් දෙකෙන්ම ඔලුව අල්ලගත්ත මං අමාරුවෙන් හැරිලා බලන්න ගියාත් ඉස්සරහින් ආපු රදීශ් මගේ බෙල්ල තද කරා..
"ර..දීශ්.. එපා.."
සිද්ද වෙන්න යන්නෙ මොකක්ද කියලා තේරෙද්දි මගේ ඇස් වලට කඳුලු උනද්දී මම රදීශ් දිහා බලන් එපා කියලා ඔලුව දෙපැත්තට වැනුවා.. අනේ මගේ දරු පැටියා..
"මට සමාවෙයන් රශ්වාන්.. උඹට රිද්දවන්න මං පොඩ්ඩක්වත් කැමති නෑ.. ඒත් උඹ හරිම මුරණ්ඩුයි.. මං කියන දේ අහලා උඹ ඔය බඩේ ඉන්න එකාව නැති කරන්න කැමති උනා නම් අද මෙහෙම දුක් විඳින්න සිද්ද වෙන්නෙ නෑ.."
එහෙම කියපු රදීශ් මගේ දිහා බලලා ආයෙත් මට පිටිපස්සෙන් ඉදපු කෙනා දිහා බලලා ඔලුව වැනුවා.. මං දන්නෙ නෑ ඒ කවුද කියලා.. මට එයාව පෙනුනේ නෑ..
"රදීශ්.. ඔයා.. ඔයා මොකක්ද කරන්න හදන්නේ.."
රදීශ් මගෙ කට තද කරලා එක අතකින් අල්ලගනිද්දී මං ඒ අතේ එල්ලෙන්න හදනවාත් එක්කම මගේ පිටි පස්සේ ඉදපු කෙනා මගේ අත් දෙක පිටිපස්සට කරලා අල්ලගත්තේ මාව එයාගෙ ඇඟට හේත්තු කරන් වෙද්දී මං බලාගෙන ඉඳිද්දීම රදීශ් එයාගෙ කලිසම් සාක්කුවෙන් පෙති වගයක් අතට ගත්තා..
"එපා.."
"රදීශ්.."
"අනේ මං උඹලාගෙ කකුල් දෙක අල්ලලා වඳින්නම් මගේ දරුවාට විතරක් කරදරයක් කරන්න එපා.."
"එපා.. එපා.."
අනේ දෙයියනේ මගේ දරුවා.. ඔලුවට වැදුන පොලු පාර මගේ ඇඟේ හයිය උදුරගෙන තියෙද්දී මට උන්ගෙන් බේරෙන්න දඟලන්නවත් පුලුවන්කමක් තිබුණේ නැහැ.. කරන්න පුලුවන් එකම දේත් අඬන එකම විතරක් වෙද්දී මං අඬ අඬා හිත් පිත් නැති ඒ තිරිසන්නු ඉස්සරහා බැගෑපත් උනා.. මගේ දරුවා වෙනුවෙන් නොවඳිනා වැඳුම් වැන්ඳා..
"උඹේ දරුවාට යන්නම වෙනවා රශ්වාන්.."
එහෙම කියපු රදීශ් මම දඟලද්දිම බලෙන් මගේ කටට ඒ පෙති දාලා කට තද කරලා අල්ලගත්තේ මගේ ඇස් වලින් කඳුලු ගලා යද්දී වෙද්දී කට ඇතුළෙම දිය වෙන ඒ පෙති වල තිත්ත රස මට දැනෙද්දී මම මගේ දරුවාගෙ ජීවිතේ වෙනුවෙන් හිත ඇතුළෙන් වැඳ වැටුනා..
YOU ARE READING
රාවණන් [Completed]✅
Fanfictionමම ද රාවණෙකි ඔබෙ පෙම අභියස🖤 තේව්💞තේනු •ආත්ම බන්ධන කතා පෙළ 1.රාවණන් 2.කාළි 3.අයිඩී (රාවණන් 2) 4.විලන් (කාළි 2)