අභීර ගුරුකුලය වෙත පැමිණ දස වසරක් නික්ම ගොසින් තිබුණ අතර ඔහු මේ වනවිට විසි හැවිරිදි නව යොවුන් තරුණයෙක් වූවා.. අවි හරබයෙහි කොතරම් දක්ෂයෙක් වුවත් ගුරුකුලයෙහි සිටි දක්ෂතම සිසුන්ගෙන් අයෙක් වුවත් සමාජ ඇසුර ප්‍රතික්ෂේප කල නිහඬ ගුප්ත චරිතයක් වූ බැවින් මෙහි එකදු මිතුරෙකු හෝ ඔහුට නොසිටීම කිසිවෙකු හට එතරම් විමතියට කරුණක් වූයේද නැහැ..
අභීරට අනුව එයත් ගුරුකුලයෙහි ඔහු ගෙවු දස වසරට අයත් තවත් එක් දිනක් පමණක්ම වූවා.. තම ප්‍රතිවාදියා හා අසිපත් සටන් පුහුණුවෙහි නියලෙමින් සිටි ඔහුට වූයේ රාජකීයයෙකුට සරිලන උස් පේෂීමය හැඩිදැඩි සිරුරක් සේම ඔහුගේ වඩාත් කැපී පෙනෙනම අංග ලක්ෂණය වූයේ දුටුවන් සලිත කරන ඒ තියුණු දෑසයි..
සටන සඳහා ස්ථානගත වූ ඔහු සැහැල්ලුවෙන් ආශ්වාස ප්‍රාශ්වාස කරමින් සිරුර පසෙකට හරවා කෙලින් තබාගෙන තම දෑස් දකුණු උරහිසට ඉහළින් යොමු කරනු ලැබුවේ එසේ කල විට ප්‍රතිවාදියා හට අනාවරණය වන්නෙ තම සිරුරෙන් අවම ප්‍රමාණයක් වූ නිසාවෙනුයි.. එලෙසම ඔහුගේ දණහිස මදක් නැමී තිබුණේ ශරීරයේ බර දෙපතුලෙන් දරමින් ක්ෂණිකව ඕනෑම දිශාවකට චලනය විය හැකි ආකාරයෙන්.. ඔහුගේ තියුණු දෑස් තම ප්‍රතිවාදියා දෙසටම යොමුව තිබූ අතර සුරතෙහි රැඳි තම අසිපතට පෙර ඔහුගේ දෑස් වේගයෙන් ක්‍රියාත්මක වන අයුරු දෙස විශ්‍රවස් මුනි බලා සිටින්නට වූයේ දැඩි අවධානයෙනුයි..
YOU ARE READING
රාවණන් [Completed]✅
Fanfictionමම ද රාවණෙකි ඔබෙ පෙම අභියස🖤 තේව්💞තේනු •ආත්ම බන්ධන කතා පෙළ 1.රාවණන් 2.කාළි 3.අයිඩී (රාවණන් 2) 4.විලන් (කාළි 2)