"යන්න රූම් එකට.." කලබලෙන් නැගිටපු තේව් එහෙම කියද්දී මම මුකුත් හිතාගන්න බැරුව එයා දිහා බැලුවා..
"ඇයි.."
"කිව්වාම අහලා යනවා තේනු.." එයා මට සැර වුණා.. තවත් මොන කතාද.. තව වචනයක් කතා කරොත් එයාගෙන් බැනුම් අහගන්න වෙනවා කියලා දන්න නිසාම මං අතේ තිබුණ රිමෝට් එකත් සෝෆා එකට උඩට විසි කරලා දාලා එතනින් යන්න ගියා..
ඇයි වික්‍රමනායක ඇමතිතුමා මෙහේ ආවේ.. මම දන්න විදිහට මේ පවුල් දෙක තරහයිනෙ.. අනික.. ඒ තාත්තාගෙ අයියා නම් ඒ කියන්නේ මගේ ලොකු තාත්තා.. එහෙමනේ..
"මොකක්ද.. නෑ.. මම කියන්නේ නෑ.."
"......................."
"කියන්නෙ නෑ.. කියන්නෙම නෑ..."
"......................."
"මම කියන්නේම නෑ..."
"........................."
"වගකීමෙන් කියනවා මම දන්නෙ නෑ.."
"........................."
"මොකක්ද මොකක්ද...ඇයි යකෝ ගෑනියේ... ඒ...... පුතේ... හිහී.. මේ අම්මා.."
අප්පච්චි ෆෝන් එකෙන් බර කතාවක්.. මාව දැකලා එයා දත් ටික විරිත්තලා හිනා උනේ මට ඇඟිල්ලකින් ෆෝන් එක පෙන්නන ගමන්.. මාත් ඉතිං ඔලුව වනලා එතනින් යන්න හැදුවාත් එකසැරේටම මේසෙ උඩ තිබුණ ෆයිල් එක ළඟ මගේ ඇස් නතර වුණා.. මං ඒක දිහා බලාගෙන ඉන්නවා දැකපු නිසාද මන්දා ඉක්මනටම ෆයිල් එක ගත්ත අප්පච්චි මෝඩ හිනාවක් දාලා යන්න ගියේ මගේ හිතේ සැකයක් ඇති වෙද්දී.. මම බලපු නිසා හංගන්න තරම් මොනවාද ඒකෙ තියෙන්නේ.. හරි බලමුකෝ මං හොයාගන්නම් ඔච්චරටම හංගන්න තරම් ඕක ඇතුළෙ තියෙන රහස මොකක්ද කියලා..
කල්පනා කරන ගමන් කිචන් එක පැත්තට ඇවිදගෙන ගිය මං එකසැරේටම නතර උනේ මගේ කලිසම් සාක්කුවෙ තිබුණ ෆෝන් එක වයිබ්‍රේට් උන නිසා..
'තමුසෙ කොහෙද ඉන්නෙ'
මේ අර පොලොස් කොට්ටෝරුවා නේද.. යාදව්.. එදා බලෙන්ම මගේ ෆෝන් එක උදුරගෙන අයියාගෙයි මල්ලිගෙයි දෙන්නාගෙම නම්බර්ස් සේව් කරා උවමනාවක් උනොත් කතා කරන්න කියලා..
'රිප්ලයි දාන්න ඔච්චර වෙලා යන්නෙ මොකද ඕයි'
YOU ARE READING
රාවණන් [Completed]✅
Fanfictionමම ද රාවණෙකි ඔබෙ පෙම අභියස🖤 තේව්💞තේනු •ආත්ම බන්ධන කතා පෙළ 1.රාවණන් 2.කාළි 3.අයිඩී (රාවණන් 2) 4.විලන් (කාළි 2)