65📖️

9.7K 1.4K 565
                                    

රදීශ්..

එයා මොකද මෙහේ..

මායි අම්මායි තාත්තා තුන්දෙනාම රදීශ් දිහා බලද්දී එයා කේන්තියෙන් මගේ ළඟට ඇවිදගෙන ආවාත් තාත්තා මාව එයාගෙ පිටිපස්සට ගත්තා..

"අංකල්.."

"තමුන් මොකද මෙහේ කරන්නෙ.."

"ඇයි දැන් මට මෙහේ එන්න තහනම් ද.."

"තමුන්ට දැන් අපේ ගෙදරට එන්න තරම් විශේෂ හේතුවක් ඇති කියලා මං හිතන්නෙ නෑ.."

තාත්තා එහෙම කියද්දී රදීශ් කින්ඩියට වගේ හිනා වුණා..

"අංකල්ටත් දැන් මන්ත්‍රී බෑනාව ලොකු වෙලා වගේ.."

"සිද්ද උන දේවල් වෙනස් කරන්න දැන් පරක්කු වැඩියි රදීශ්.. තේනු දැන් කසාද බැඳලා ඉන්නෙ.. තමුන්ටත් අර ළමයාගෙ නංගිත් එක්ක සම්බන්ධයක් තියෙනවා කියලා මට ⁣තේනු කිව්වා.. ඒ නිසා මගේ දරුවාට එයාගෙ පාඩුවේ ඉන්න දීලා තමුන් වෙන අතක් බලාගත්තා නම් තමයි කාටකාටත් හොඳ.."

"අංකල් ඔහොම කතා කරන්නෙ ඉස්සරහට සිද්ද වෙන්න තියෙන දේවල් අමතක කරලාද.. මෙයා මෙයාගෙ ඇත්ත තා......."

"රදීශ්.."

රදීශ් කියන්න ගියපු දේ තාත්තා නතර කරේ කේන්තියෙන් එයාගෙ ෂර්ට් කොලර් එකෙන් ඇදලා අල්ලගන්න ගමන්..

"උඹ මෙතන අනවශ්‍ය දේවල් කතා කරන්න ඇවිත් මට කියලා මැරුම්කන්න ලෑස්ති වෙන්න එපා.."

"මට ඔයාත් එක්ක කතාවක් නෑ අංකල්.. මම ආවේ රශ්වාන්ව හම්බවෙන්න.."

"අනේ මේ රදීශ් වදයක් නොවී යනවාද.. මට තමුසෙත් එක්ක කතා කරන්න දෙයක් නෑ.."

"තමුසෙ හිතන් ඉන්නෙ අපේ වෙඩින් එක කැන්සල් කරලා බඩට ළමයෙකුත් අරන් අරූ එක්ක ලස්සනට පවුල් කන්න වෙන්න ඇති නේ.. බලාගෙන හිටපන්කො මොකද වෙන්නෙ කියලා.. උඹව මට ලැබෙන්නේ නැත්නම් අරූට ලැබෙන්නෙත් නෑ.."

මට හිනා ගියා.. දබරැඟිල්ල නහයට තට්ටු කරන ගමන් මං කම්මැලිකමෙන් වගේ රදීශ් දිහා බැලුවා..

"මම පොලිස්කාරයෙක් රදීශ්.. රටේ නම ගිය මැරයො එක්ක හැප්පුන මට උඹ මොකෙක්ද.. තමුසෙ දන්නවානෙ ඔය බොරු කයිවාරු වචන වලට මං බය නෑ කියලා.. ඒ නිසා මට කියලා කන පලාගන්නෙ නැතුව ආපු විදිහටම මෙතනින් පලයන් යන්න.."

රාවණන් [Completed]✅Where stories live. Discover now