57📖️

8.7K 1.3K 233
                                    

"තේව්.."

"බය වෙන්න දෙයක් නෑ බබා.. මලීෂා හොඳින් ඉන්නවා.."

මං කලබලෙන් එයාගේ උකුළෙන් නැගිටිද්දී එයා⁣ මාව සන්සුන් කරන්න උත්සාහ කරා..

"ෂ්.. කෝ මේ අහන්නකෝ.. එයාට ප්‍රශ්නයක් නෑ.. මම එයාගෙ ආරක්ෂාවට කීපදෙනෙක් දාලා තියෙන්නේ.."

තේව් කිව්වේ මගේ ඔලුව අතගාන ගමන් වෙද්දී මම දිග හුස්මක් පිට කරේ එයාගෙන් මීට වැඩිය උත්තරයක් බලාපොරොත්තු වෙන්න බැරි නිසා.. සමහරවිට එයා හිතන්න ඇති මං බය වුණා කියලා.. ඒත් ඇත්තටම මම බය උනේ නැහැ.. මේ දේ මෙහෙම වෙන්න ඕන නිසායි මම මලීෂාව දාලා එන්න ආවේ.. මගේ ප්ලෑන් එක හරි ගියා එහෙනම්.. 

"හ්ම්.."

බොරු දුක හිතෙන මූණක් මවාගත්ත මං ඔලුව වැනුවාම තේව් ඇඳෙන් නැගිට්ටා..

"මම අත සෝදගෙන එන්නම්.."

මං කාලා ඉවර කරපු බත් පිඟානයි බාගෙකට වැඩිය බීලා ඉවර කර වතුර වීදුරුවයි අරන් එයා යන්න යද්දී මට එයා දිහා බැලුනා.. සමාවෙන්න තේව්.. මට ඔයාට හැමදෙයක්ම කියන්න පුලුවන්කමක් නැහැ.. මේ මගේ ජොබ් එක.. 

හෙට අවුරුදු නිසා හැමෝම හරි හරියට වැඩ.. තේව්ලා නතර වෙලා ඉදපු මේ ගෙදර හැමෝමත් කිරි අත්තාගෙ ගෙදරට ගිහින් තියෙද්දී ගෙදර ඉදියේ මායි තේව්යි තව දෙතුන් දෙනෙකුයි විතරයි.. කාමරෙන් එලියට ඔලුව දාලා වට පිට බලපු මං එහෙම්ම අයේෂ්ට කෝල් එකක් ගත්තා..

"අඩෝ තෝ කොහෙද ප## ගියේ.. මම හැමතැනම හෙව්වා.."

"හු### කතා නොකර ඔක්කොටම කලින් මට කියපන්කො ප්ලෑන් කරපු විදිහට හැමදෙයක්ම උනා ද කියලා.."

"ආයෙත් අහලා.. උඹ දන්නවානෙ ඉතිං මේ අයේෂ් වැඩක් කරොත් ආයෙත් ඉතිං කිරි ගහට ඇන්නා වගේ තමයි කියලා.. ඌ මාට්ටු.."

"දැන් කෝ.."

"කවීෂයා ඌව අපේ පොට් එකට අරන් ගිහින්.."

"කවීෂයාට කියපන් මං එනකම් ඌව මරන්නෙ නැතුව තියාගන්න කියලා.."

මම කිව්වෙ කට කොනකින් හිනා වෙන ගමන් වෙද්දී කලාතුරකින් මගේ මූණට එන ඒ නපුරු පෙනුම දිහා මං කණ්ණාඩියෙන් බලාගෙන ඉඳිද්දී ඒත් එක්කම පිටි පස්සෙන් ආපු තේව්ගෙ අත් මගේ ඉන වටේ පැටලුනා.. 

රාවණන් [Completed]✅Nơi câu chuyện tồn tại. Hãy khám phá bây giờ