24📖️

12.7K 1.5K 399
                                    


"අයියේඒඒඒඒ...."

"තේව්වෝඕඕ...."

"සුදු මාත්තයෝ.."

"ම්හුක්.. තරහා වෙන්න එපාකෝ.."

"ගොං මිනිහෝ.."

"තුරු සුනඛයෝ.."

"පිස්සු හු## බලපන්කො කිව්වාම සෙද්ද.. කටත් රිදෙනවා මං දරුවාගෙ.."

විනාඩි පහක ඉදන් මම එයාට කතා කරන්නෙ.. ඒත් මේ මිනිහා නෙමෙයි මගේ දිහා ඇස් කොනෙන්වත් බැලුවේ.. ඇයි වදේ.. පව් නිසා කොන්ද කැඩුනාද බලන්න වීඩියෝ කෝල් එකක් ගත්තාම එයාට යුතුකමක් තියෙනවා ඇස් දෙකෙන් බැරි නම් එක ඇහැකින් හරි මගේ දිහා බලන්න..

"කට පියාගෙන ඉන්නවා.. පේන්නෙ නැද්ද මම වැඩක් කියලා.." ෆෝන් එක කොහෙන්දෝ මට එයාව පේන විදිහට තියාගෙන ලැප් එකෙන් එයා එයාගෙ වැඩ..

"ටිකකට ඕක නතර කරලා මගේ දිහා බලන්නකෝ.." ආයෙත් නෝ කතා.. නෝ සිනා.. අනේ මට මේ මිනිහා එක්ක එපා වෙනවානෙ..

"සොරි කරදරයක් උනා නම්.. ගුඩ්නයිට්.." තත්පර ගානක් මුකුත් නොකියා එයා දිහා බලාගෙන ඉදපු මම එහෙම කියද්දී නම් එයා ඉක්මනට ඔලුව උස්සලා මගේ දිහා බැලුවා..

"තේනු බ..." එයාට මුකුත් කියන්න ඉඩක් නොදීම කෝල් එක කට් කරපු මම ෆෝන් එකත් විසි කරලා දාලා කොට්ටෙ තුරුලු කරගත්තේ ඇස් වල කඳුලු පුරවන්.. හරියට මම උමනාවෙන් එයාට රිද්දුවා වගේනෙ එයා මගෙන් පලිගහන්නෙ.. තේරෙන්නෙ නැද්ද මගේ හිත රිදෙනවා කියලා..

"පුතා ඔයා තාම නිදිද නැද්ද.." අම්මා කාමරේ ඇතුළට ඇවිත් අහද්දී මම කට උල් කරන් ඇඳ උඩ වාඩි උනේ අතේ තිබුණ කොට්ටෙත් තුරුලු කරගෙනමයි..

"නින්ද යන්නෙ කොහොමද.. මේ කාමරේ මට හුරු නෑනේ.."

"හරි දරුවෝ අදට විතරනෙ.. හෙට උදේම ඔයාගෙ කාමරේට අලුත් ඇඳක් ගේනවානෙ.."

"තාත්තාටත් විකාරනෙ මොකටද ඇඳ මාරු කරන්න ගියේ.."

"ඒ ඇඳ අවුරුදු ගානක් පරණයිනෙ පුතා..  ඔයාගෙයි රදීශ්ගෙයි වෙඩින් එකත් ළඟ නිසා තමයි අප්පච්චි ඔයාගෙ කාමරේට අලුත් බඩු ඕඩර් කරේ.."

"ඇයි එයා හදන්නේ මාව මැරි කරලා මෙහේ නතර වෙන්නද.."

"මං දන්නෙ නෑ ඕවා.. ඔයා දන්නවානෙ මේ ගෙදර එදා ඉදන් සිද්ද වෙන්නෙ තාත්තාට ඕන දේවල් කියලා.." එහෙම කියාගෙනම අම්මා ඇඳ උඩින් වාඩි උනේ මම එයාගෙ අත් බාහුවක් මගේ අත් දෙකෙන්ම අල්ලගෙන මිරිකද්දී..

රාවණන් [Completed]✅Where stories live. Discover now