72📖️

8.7K 1.3K 456
                                    

"රශ්වාන්.."

පොලිස් ස්ටේෂන් එක ඉස්සරහා කාර් එක නතර කරලා පාර දිහා බලාගෙන ඔහේ කල්පනා කරන ගමන් ඉඳපු මම රදීශ්ගෙ කටහ⁣ඬින් පිටිපස්ස හැරිලා බැලුවා..

"රදීශ්.."

"පුදුමයි අපිව මතක් වෙලා තියෙනවා.."

රදීශ් කිව්වෙ කට කොනකින් හිනා වෙලා වෙද්දී මට එයාට දෙන්න උත්තරයක් නැති නිසා ඒ ඇස් මග ඇරලා ආයෙත් අහක බලාගත්තා..

"මොකටද මාව හම්බවෙන්න ඕන කිව්වෙ.."

රදීශ් ඇවිත් මගේ එහා පැත්තෙන් කාර් එකට හේත්තු උනේ අත් බැඳගන්න ගමන් වෙද්දී මම මගේ කකුල් දෙක දිහා බැලුවා.. රබර් සෙරෙප්පු දෙකක්.. කාලෙකින් කපපු නැති නියපොතු.. මේ ගෙවුන මාසෙට මට මාවම අමතක වෙලා ගිහින්.. ඉස්සර නම් මම මගේ පෙනුම ගැන වද වුණා.. ගෑනු පිරිමි කියලා භේදයක් නෑ.. කවුද අකමැති ලස්සනට ඉන්න.. ඒත් දැන් මට ඒ කිසිමදෙයකින් වැඩක් නෑ.. මං ලස්සනයි කියලා හැමදාම කියපු එයා අද මගේ ලස්සන දකින්න මගේ ළඟ නැති වෙද්දී කාට පේන්නද මං ලස්සන වෙන්න ඕන..

"මං ජොබ් එකෙන් අයින් වෙනවා.."

"මොකක්.. තමුසෙට පිස්⁣සුද රශ්වාන්.."

මම එකසැරේටම කියපු දේත් එක්ක රදීශ් පුදුමයෙන් වගේ මගේ දිහා බැලුවා..

"පර්සනල් ලයිෆ් එකයි ජොබ් එකයි පටලගන්න එපා.. මාස ගානක් තිස්සෙ අපි මේකට මහන්සි උනේ අන්තිම මොහොතේ හැමදෙයක්ම දමලා ගහන්න නෙමෙයිනෙ.."

"දැන් මම මේ කේස් එකේ ඉඳියාත් වැඩක් නෑනේ රදීශ්.. මගෙන් තවත් මේකට කිසිම ප්‍රයෝජනක් වෙන්නෙ නෑ.. වාසලබණ්ඩාර පවුලත් එක්ක මට තිබුණ හැම සම්බන්ධයක්ම එක රැයකින් නැති වෙලා ගියා.. මට දැන් මහන්සියි.. මේ හැමදෙයක්ම මගේ හිතට බරයි.."

"මං දන්නවා ඔයාට තියෙන ප්‍රශ්නෙ මොකක්ද කියලා.."

"මොකක්ද.."

"ඔය බඩේ ඉන්න දරුවානෙ හේතුව.. මන්ත්‍රීකාරයා තමුසෙව තියන් ඉඳලා එපා උනාම කුණුගොඩක් වගේ විසි කරලා දැම්මා.. එච්චර දෙයක් උනාට පස්සෙත් තමුසෙ මොකටද රශ්වාන් උගේ දරුවා වෙනුවෙන් මෙහෙම කැපකිරීම් කරන්නෙ.. ඔයා මේ ජොබ් එකට ආදරේ කරපු තරම් මම තරම් හොඳට වෙන කවුරුත් දන්නෙ නෑ.. අනික මේ කේස් එක ඔයා බාරගත්තෙ මෙහෙම අතරමග අත් අරින්නද.."

රාවණන් [Completed]✅Where stories live. Discover now