80📖️

7.6K 1.2K 326
                                    

"ආර්හ්.."

ඔලුව පුපුරන්න වගේ කැක්කුමක් දැනෙද්දී මම ඇස් ඇරියෙ අතින් නළල මිරිකගන්න ගමන් වෙද්දී කකුල් බිමට දාලා ඇඳ උඩ වාඩි වෙනකොටම භයිරව් දොර ඇරන් ඇතුළට ආවා..

"ගුඩ්මෝනින් ඇමතිතුමා.."

"මෝනින්.. මගේ ඔලුව පැලෙන්න රිදෙනවා බං.. තව එකක් මම උඹට කියලා තියෙනවානෙ උඹයි මායි ඉන්න තැන ඇමතිතුමා කියන්න ඕන නෑ කියලා.."

"බේබද්දෙක් වගේ රෑ තිස්සේ බීගත්තාම ඔලුවෙ කැක්කුම හැදුනෙ නැතොත් තමයි පුදුම.. ආ මේක බීපන්.."

"හරි බං ටිකක් වැඩි වුණා.. ම..."

භයිරව් දීපු වීදුරුව අතට ගත්තාත් එකසැරේටම මගේ ඇස් නයිට්ස්ටෑන්ඩ් එක උඩ තිබුණ චූටි හෙයාර් බූල් එක ළග නතර වෙද්දී කලබලෙන් ඒක අතට ගත්ත මම භයිරව් දිහා පුදුමයෙන් බැලුවා..

"මේක.... තේනු මෙහේ ආවාද.."

මං එහෙම අහද්දී භයිරව් මගේ දිහා ඇහිබැමක් උඩට උස්සලා බැලුවේ මට ඊයෙ රෑ සිද්ද උන හැමදෙයක්ම එකින් එක මතක් වෙද්දී..

"මොන හුත්තක්ද.. යකෝ අරූ මට ඉරටුවෙන් ගැහුවාද බං.. ම.. ආව්ව්.."

එහෙම්මම මම කකුල් අල්ලලා බැලුවා විතරයි රතු වෙලා පාර හිටලා තිබුණ කකුල් වේදනා දෙන්න ගනිද්දී මගේ මූණ ඇද උන අටපට්ටමක් වගේ වෙලා ගියේ භයිරව් සද්දෙන් හිනාවෙද්දී..

"හිනාවෙයන් හිනාවෙයන්.. තෝත් හිනාවෙයන්.. යකෝ රටට ඇමති උනාට මම ගෙදරදි බල්ලා ගානට වැටිලානෙ.. සිරිමලා හරි මං තාමත් අරකගෙ පොත්තට රැවටිලා ඉන්නෙ.. යක්ස පැටියා.."

"උඹ ඉල්ලන් කෑවෙ මල්ලි.. වයිෆි ඉස්සරහා ඇමති බලු වෙනවා කියන්නේ ඔන්න ඕකට තමයි.. Every night in my dreams ඉරටු පාර කන හැටි මැවිලාම පෙනෙයි.. කොහොමත් උඹට ගැළපෙන්නෙම තේනුල්‍ය මල්ලී.. ."

"මං කිව්වා කියලා හිතාගනින්.. යකෝ තොපි මගේ බොඩිගාඩ්ස්ලා නේද.. නිකමටවත් අරූ ගහද්දී මාව බේරගන්න හිතුනෙ නැද්ද.."

"ඇයි උඹව බේරන්න ගිහින් අපිත් ඉරටුපාර කන්නද.. ඔන්න ඕක බීලා වොෂ් දාගෙන වරෙන්.. අමතකද අද දවස මොකක්ද කියලා.."

රාවණන් [Completed]✅Tahanan ng mga kuwento. Tumuklas ngayon