17📖️

12.9K 1.7K 582
                                    

මනුස්ස බැඳීම් හරිම සංකීර්ණයි.. මිනිස්සු හමුවෙනවා ලංවෙනවා අතරමගදි අත්ඇරෙනවා වෙන් වෙනවා.. ඒත් කවදා කොහොම ඒ දේවල් සිද්ද වෙනවාද කියලා අපි කාටවත් පෙර අනාවැකි කියන්න බැහැ.. මොකද මේක තමයි දෛවය.. දෙන්නෙක් අතර බැඳීමක් ඇති වෙන්න ඇහිපිය නිමේෂයක් ඇති වගේම සමහරුන්ට බැඳීමක් ඇති කරගන්න අවුරුදු ගානක් ගත වෙන්නත් පුලුවන්.. කැමැත්තෙන් ඇති කරගන්න ගොඩක් බැඳීම් පටන්ගන්නාත් කලින්ම අවසානයක් දැක්කා වගේම අකමැත්තෙන් පටන්ගත්ත සමහර බැඳීම් තිබුණා මුලු ජීවිත කාලයක් එකට බැඳිලා තියෙන..  ⁣බැඳීම පටන්ගන්න විදිහ නෙමෙයි වැදගත් වෙන්නෙ අපි කොහොමද ඉස්සරහට ඒ බැඳීම පවත්වගෙන යන්නෙ කියන දේ.. කලිනුත් දවසක කිව්වා වගේ කෙනෙක්ව දැකපු ගමන් අපේ හිත ඒ කෙනා ළඟ නතර වෙනවා නම් ඒ තමයි සංසාර පුරුද්ද..

තේව්ගෙයි රදීශ්ගෙයි මගෙයි අතර තියෙන මේ බැඳීමත් ඒ වගේ එකක් ද.. ඇයි මට දැනෙන්නෙ මීට කලින් කවදාහරි මේ දේම මෙහෙම්ම සිද්ද වෙලා තියෙනවා කියලා.. දෙන්නා මාව දෙපැත්තට ඇද්දා.. රදීශ් මට රිදෙන්න මගේ අත තද කරලා අල්ලගනිද්දී තේව් මට රිදෙන්නෙ නැති වෙන්න එයාගෙ ඇඟිලි මගේ ඇඟිලි එක්ක පටලගත්තා..

"අතෑරපන් රදීශ්.. උඹ මගේ කොල්ලාට රිද්දනවා.."

"ටිකක් හයියෙන් ඇල්ලුවාම රිදෙන්න එයා මලක් නෙමෙයි.. තමුන් මෙයා ගැන දන්නෙ නැති නිසායි ඔහොම කියන්නේ මන්ත්‍රීතුමා.. අනිත් කාරණාව මෙයාගෙ අත කවුරුහරි අත්අරිනවා නම් ඒ කෙනා තමුන් මිසක් මේ මම නෙමෙයි.." රදීශ් මගේ අත තව තවත් තද කරද්දී එයාගෙ නියපොතු වැදිලා දැනුන වේදනාවට ඉබේටම මගේ කටින් කෙඳිරියක් පිට වුනාම තේව් කලබලෙන් මාව අත් ඇරියා..

"තේනු.. ඔයා හොඳින්නෙ.. මම ඔයාට රිද්දුවාද.." එයා මගේ අත අල්ලලා බලලා අහද්දී මම ඇහිපිය නොගහා එයා දිහා බලාගෙන ඉදියා..

"ඇයි.." මම එයාගෙන් එහෙම අහද්දී එයා මුකුත් හිතාගන්න බැරුව මගේ දිහා බැලුවා..

"ඇයි අත අත්ඇරියේ.."

"මට දිනන්න ඔයාව දෙපැත්තට ඇදලා ඔයාට රිද්දන්න ඕන නැති නිසා.." එයා උත්තර දුන්නෙ අවංකවම.. ඔව් ඒ ඇස් හැමදාමත් වගේ අදත් මගේ ඉස්සරහා අවංකයි.. පළවෙනි වතාවට මට එයාගෙයි රදීශ්ගෙයි අතර වෙනස දැනෙන්න ගත්තා..

රාවණන් [Completed]✅Where stories live. Discover now