79📖️

7.1K 1.1K 431
                                    

"නුඹ.. නුඹ කුමක්ද මා සයනයේ සිදු කරනු ලබන්නේ.."

උදෑසන නින්දෙන් අවදි වූ අභීර තම පපුව මත හිස තබාගෙන තමා දෙස ඇහිපිය නොහෙලා බලා සිටින කනීර වෙත හෙලුවේ වික්ෂිප්ත බැල්මක්..

"රුද්.. මා හට පවසන්නට නම් එපා පෙර දින රාත්‍රියේ අප අතර සිදු වූ කිසිවක් ඔබට සිහි නොමැති කියා නම්.."

කනීර මවාගත් කෝපයකින් පවසද්දී මද වේලාවක් ඔහු දෙස බලා සිටි අභීර නැවතත් සයනය මතම වැතිරුනේ සියතින් නළලත මිරිකාගන්න ගමන්..

"මා මධුවිත තොල ගෑවෙහිද.."

"එසේයි මා හිමියනි.. මධුවිතින් සප්පායම් වූ ඔබ මා හා සැතපුනා.."

තම මුවඟින් සිනාසී පැවසූ කනීර සිය ඇඟිල්ලක් අභීරගේ පපුව පුරා එහා මෙහා රැගෙන යද්දී අභීර ඔහුගේ අතින් අල්ලාගනු ලැබුවා..

"එය අමතක කරලන්න.."

"කුමක්ද.."

"පෙර දින රාත්‍රියේ සිදු වූ සියල්ලක්ම අත්වැරදීමක් යැයි සිතා අම....."

චටාස්

මෙවර සැබැවින්ම කෝපයට පත් කනීරගෙ හස්තය අභීරගේ කම්මුල පත පතිත වූයේ අභීර කනීර දෙස විසල් වූ දෙනෙතින් බලා සිටියදී..

රාවණන් [Completed]✅Opowieści tętniące życiem. Odkryj je teraz