38📖️

7.8K 1.2K 303
                                    

"කවුද තමුන්ට අපෙ අක්කාගෙ දානෙට එන්න අවසර දුන්නෙ.."

රූම් එක ඇතුළට ආපු ශාන්ති පුංචිඅම්මා මගෙන් එහෙම අහද්දී මම නැගිටලා එයා ළඟින් හිටගත්තා..

"මට කාගෙන්වත් අවසරයක් ඕන නෑ..  මං ආවේ මගේ ගෙදර මගේ අම්මාගෙ දානෙට.." ආපු ගමන් රණ්ඩුවක් අල්ලන්න කැමැත්තක් නොතිබුණු නිසා මං සන්සුන් විදිහට උත්තර දුන්නෙ පුංචිඅම්මා නෝන්ඩියට වගේ හිනා වෙද්දී..

"අම්මා..?? ලැජ්ජා නැතුව කියන්න පුලුවන් ද ඒ තමුන්ගේ අම්මා කියලා.. අම්මාව මරාගෙන ඉපදුන කාලකණ්ණියා.. ඩොක්ටර්ස්ලා එපා කියද්දී එයාටත් තමුන්ව මේ ලෝකෙට ගේන්න ඕන උනානේ.. අපි ඒ දවස් වල කොච්චර කිව්වාද ළමයා නැති කරන්න කියලා.. අපි විතරක් නෙමෙයි තමුන් අප්පච්චි කියන මහඑකාත් අක්කා ළඟ නොවදිනා වැඳුම් වැන්දා ළමයා නැති කරපන් කියලා.. ඒත් එයා ඇහු⁣වේ නෑ.. හැමදාම කිව්වේ මම මැරුණාත් මගේ දරුවා ජීවත් වෙන්න ඕන කියලා.." පුංචිඅම්මා කියපු කතාවට මගේ ඇස් නළලට යද්දී මම මුකුත් හිතාගන්න බැරුව එයා දිහා බලාගෙන ඉඳියා..

"අප්පච්චි.. මාව නැති කරන්න කිව්වා..?" නෑ ඒක වෙන්න බෑ.. අප්පච්චි කවදාවත් එහෙම කියන්නේ නෑ.. එයා මට ආදරෙයි.. අනිත් තුන්දෙනාටම වැඩිය අප්පච්චි මටයි ආදරේ..

"ඔව් කිව්වා.. ඇයි අප්පච්චි ආදරණීය පුතණ්ඩියාට ඒ ගැන කිව්වෙ නැද්ද.. තමුන් නොදන්න රහස් ගොඩක් ඔය වාසලබණ්ඩාර පවුල ඇතුළේ හැංගිලා තියෙනවා තේව්.. තමුන්ගේ අම්මාගෙ මරණෙට හේතුවත් එක්කම.."

"අම්මාගෙ මරනෙට හේතුව..?? අම්මා නැති උනේ මා......"

"තමුන් මුකුත් දන්නෙ නෑ.. තමුන් මුකුත්ම දන්නෙ නැහැ.. දන්නවාද ඇයි මායි පොඩි අක්කා⁣යි තමුන්ට මේතරම් වෛර කරන්නෙ කියලා.. ඒ අවුරුදු තිහක් ගිහිල්ලාත් අදටත් තමුන්ට තමුන්ගේ අම්මාගෙ ඇත්ත දැනගන්න ⁣බැරි උන නිසා.."

"මොන ඇත්තක්ද.. දෙයියන්ගෙ නාමෙන් කියන දෙයක් තේරෙන සිංහලෙන් කියපන් පුංචිඅම්මේ.. උඹලා ඔය කියන අණ්ඩරදෙමල තේරුම්ගන්න තරම් මානසිකත්වෙක නෙමෙයි මම ඉන්නෙ.." අතින් කොණ්ඩෙ අවුල් කරගත්ත මම කේන්තියක් කෑගහද්දී එයා හිනා වුණා..

රාවණන් [Completed]✅Opowieści tętniące życiem. Odkryj je teraz