ගෙදරට එනකම් තේව් මාත් එක්ක වචනයක්වත් කතා කරේ නෑ වගේම මාත් එයාට මුකුත් කියන්න නොගියේ කතා කරන්න තරම් මානසිකත්වෙක මම ඉඳියෙ නැති නිසා..
මම දන්නෙ නෑ මං මේ වෙලාවෙ මොනවාද හිතන්න ඕන කියලා.. මම මගේ කියලා හිතපු අම්මා තාත්තාත් ඇත්තටම මගේ නෙමෙයි නම් මගේ ඇත්තම අප්පච්චි ලොකු තාත්තා නම් ඇයි මම එයාගෙ මල්ලි ළඟ හැදුනෙ.. මොන හේතුවක් නිසාද එයාලා මට එහෙම කරේ.. එයාලා.. මාව මගෙම පවුලෙන් ඈත් කරාද..
ඒත් එක්කම ෂටර් එකට ඔලුව තියාගෙන ඉඳපු මගේ ෆෝන් එක රින්ග් වුණා..
කෝල් එක යාදව් අයියාගෙන්..
පොඩී මට කෝල් කරාත් මං ඒකටවත් ආන්සර් නොකරේ කතා කරොත් මට ඇඬෙයි එහෙමත් නැත්නම් ඇත්ත අහලා මම එයාත් එක්ක රණ්ඩු කරයි කියලා මගේ හිතට බයක් දැනුන නිසා වෙද්දී මම කෝල් එක කට් කරලා දැම්මා..
මම ඒ ඇත්තට මූණ දෙන්න බයයි..
පිටිපස්සෙ ෂීට් එකේ ඉඳපු තූර්යා සැරින් සැරේට කෙඳිරි ගාන හඬ විතරක්ම වාහනේ පුරා තියෙද්දී මම මගේ අතක් මිට මොලවගත්තෙ නියපොතු අතේ ඇනෙන විදිහට..
කමක් නෑ තේනු.. උඹේ ජීවිතේ උඹට තවත් නැති වෙන්න දෙයක් නෑනෙ.. ඇස් පනා පිටම උන් උඹේ බඩේ ඉදපු නොදරුවාත් අමු අමුවෙ මරලා දාද්දී උඹ දරාගත්තානෙ.. ඒ නිසා මේ වතාවෙත් හෙන ගැහුවාත් අරටුව හයිය ගහක් වගේ දරාගනින්.. උඹ වැටුනොත් ආයෙත් එයාත් වැටෙයි.. ඇස් කොනෙන් තේව් දිහා බලපු මං අපි වෙනුවෙන් මගේ හිත හදාගන්න උත්සාහ කරා..
කන පැලෙන්න සද්දෙන් සිංදුවක් දාලා ෆෝන් එක සීට් එක උඩට දාපු මම කලිසම් සාක්කුවෙන් සිගරට් එකක් අරන් තොල් අතරෙ තියාගෙන ඒක පත්තු කරේ ෂටර් එක අරින ගමන් වෙද්දී වෙනදා වගේ තේව් අද මට සිගරට් බොන්න එපා කියලා කිව්වෙත් නෑ..
කාලෙ මිනිස්සුන්ව කොයිතරම් නම් වෙනස් කරනවාද.. එක අතකට බැලුවාම ජීවිතේ කියන්නෙම ප්‍රශ්න පත්තරයක්.. ඒ ප්‍රශ්න වලට හරියට උත්තර හොයාගන්න බැරි උනොත් සිද්ද වෙන්නෙ අපි ජීවිතෙන් පරදින එක..
BẠN ĐANG ĐỌC
රාවණන් [Completed]✅
Fanfictionමම ද රාවණෙකි ඔබෙ පෙම අභියස🖤 තේව්💞තේනු •ආත්ම බන්ධන කතා පෙළ 1.රාවණන් 2.කාළි 3.අයිඩී (රාවණන් 2) 4.විලන් (කාළි 2)